
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නත්තල සැමරීමට සූදානම්ව ගෙය පිරිසිදු කරන අතරේ දී තම එකම දරුවා ඇළට වැටී මියයෑමේ ශෝකජනක පුවතක් බලන්ගොඩ රෝහලේ පැවති මරණ පරීක්ෂණයකදී පෙරේදා (24දා) හෙළිදරව් විය.
මෙසේ මියගොස් ඇත්තේ බලන්ගොඩ ගුරුබැවිලාගම පදිංචිව සිටි දරුවෙකි.
මෙසේ මියගිය අවුරුදු දෙකක් වයසැති අරුල් රාජ් තිදේස් නමැති දරුවාගේ මරණ පරීක්ෂණයේදී සාක්ෂි දුන් ලූකස් මාග්‍රට් නමැති අය (මව) මෙසේ පැවසුවාය.
“මියගොස් සිටින මගේ දරුවා සිද්ධිය වූ දින නිවසේ නිදිකරවා ඒ අසලම තිබූ මවගේ නිවස ශුද්ධ පවිත්‍ර කළා. තීන්ත වේළී නැති නිසා ගේට්ටුව හා දොර විවෘතව තිබුණා. මම ටික වේලාවකින් නිවසට ඇවිත් බලන විට පුතා ඇඳේ හිටියේ නැහැ. ඉන්පසු අසල්වැසි ඥාතීන්ට කතා කර සොයන විට නිවසට නුදුරුව ගලායන ඇළට වැටී තිබුණා. ත්‍රිරෝද රථයකින් රෝහලට ගෙන යද්දී එහි පෙට්‍රල් ඉවර වුණා. පසුව තවත් ත්‍රිරෝද රථයකින් යද්දී අතරමගදී බස් රථයක ගැටී එහි රියැදුරාත් තුවාල ලැබුවා. මගේ දරුවාගේ කකුල ද තුවාල වුණා. කඩිනමින් වෙනත් වාහනයකින් බලන්ගොඩ රෝහලට ගෙන ගියත් දරුවාගේ ජීවිතය බේරාගන්න නොහැකි වුණා.”
පශ්චාත් මරණ පරීක්ෂණය බලන්ගොඩ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි විසින් සිදුකරන ලදී.
මෙය දියේ ගිලී හුස්ම හිරවීමෙන් සිදුවූ මරණයක් බවට බලන්ගොඩ හදිසි මරණ පරීක්ෂකවරයා තීන්දුව දෙමින් ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart