
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මුදල් ව්‍යාපාර පනත උල්ලංගණය කරමින් තැන්පතු භාරගත් බවට නිශ්චය කර ඇති අයෙක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහබැංකුව මහජනතාව වෙත දැනුම්දීමක් කර තිබේ.
එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.
2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතෙහි 42 වන වගන්තිය යටතේ සිදු කරන ලද විමර්ශනයකින් අනතුරුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2025.11.06 දින,
26 වන මහළ, නැගෙනහිර කුලුණ, එව්ලන් චතුරශ්‍රය, ලෝක වෙළඳ මධ්‍යස්ථානය, කොළඹ 01 යන ස්ථානයේ ලියාපදිංචි මාලන් ෆර්නැන්ඩෝ ඉන්ටර්නැෂනල් ෆොරෙක්ස් එක්ස්වෙන්ජ් යුනිට් (පීවීටී) එල්ටීඩී (MARLON FERNANDO INTERNATIONAL FOREX EXCHANGE UNIT (PVT) LTD) (PV 00231295) යන සමාගම; සහ
අංක 07, ආනන්ද පාර, මෙල්ඩර් පෙදෙස, නුගේගොඩ ලිපිනයෙහි පදිංචි කුරුකුලසූරිය ෆර්මි මාලන් ෆර්නැන්ඩෝ (871263574V) යන අය,
විසින් උක්ත පනතෙහි 2 (2) වගන්තිය උල්ලංඝනය කරමින් තැන්පතු භාරගත් බවට නිශ්චය කර ඇති බව මුදල් ව්‍යාපාර පනතෙහි 42 (10) වන වගන්තිය යටතේ මහජන සුභසිද්ධිය පිණිස මහජනයා වෙත දැනුම් දීම සඳහා මෙම දැන්වීම පළකරනු ලැබේ.
ඒ අනුව, ඉහතින් සඳහන් කරන ලද සමාගමට සහ පුද්ගලයාට;
පොරොන්දු පත්‍ර නිකුත් කිරීම මඟින් හෝ වෙනත් කිසිදු ආකාරයකින්, මහජනතාවගෙන් තැන්පතු භාර නොගන්නා ලෙස; සහ
එම සමාගම සහ පුද්ගලයා සතුව පවතින සියලු තැන්පතු වගකීම් පියවීමට පියවර ගත යුතු බවට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තවදුරටත් විධාන කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart