December 25, 2025

A කාණ්ඩයේ එක්දින තරගයකදී ලකුණු 574/6ක් ලබාගනිමින් ඉන්දියාවේ බිහාර් කණ්ඩායම ක්‍රිකට් ඉතිහාසයේ ලෝක වාර්තා කිහිපයක් අලුත් කළේය.

එම තරගයේදී පන්දු 84 කින් ලකුණු 190 ක් ලබා ගනිමින් වෛභව් සූර්යවංශිද වාර්තා පොත අලුත් කළේය.

විජේ හසාරේ කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලි­යේදී අරු­ණා­චල් ප්‍රදේශ් කණ්ඩා­ය­මට එරෙ­හිව පන්දු 36කින් ශත­ක­යක් රැස් කිරී­මට සූර්ය­වංශි සමත් වූයේ ලෝක වාර්තා­වක් පිහි­ටු­ව­මිනි.

අවු­රුදු 14 දින 272ක් පසු­කර ඇති සූර්වංශි මේ තර­ග­යේදී සිය ඉනිම ලකුණු 190ක් දක්වා ඉදි­රි­යට ගෙන ගිය අතර, පන්දු 59කින් ලකුණු 150 සහ පන්දු 84කින් ලකුණු 190 රැස්කළේය.

මේ ශත­කය සමඟ ‘ඒ’ කාණ්ඩයේ එක්දින තර­ග­ය­කදී ශත­ක­යක් රැස් කළ ලොව ළාබා­ල­තම ක්‍රීඩ­කයා ලෙස සූර්ය­වංශි වාර්තා පොතට එක් විය. එමෙන්ම පන්දු 59කින් ලකුණු 150 වාර්තා වීමත් සමඟ ජාත්‍ය­න්තර සහ ජාත්‍ය­න්තර නොවන තර­ග­ය­කදී වේග­වත්ම ලකුණු 150 රැස් කළ පිති­කරු බවට ද ඔහු පත් විය.

මින් පෙර දකුණු අප්‍රි­කාවේ ඒ.බී. ඩිවි­ලි­යර්ස් 2015 වසරේ කොදෙ­ව්වන්ට එරෙ­හිව පන්දු 64කින් ලකුණු 150 රැස්කර තිබිණි.

මේ තර­ග­යේදී කිබුල් ගානි නොදැවී ලකුණු 128ක් සහ ආයුෂ් ලෝහා­රුක ලකුණු 116ක් රැස්කළ අතර, ඒ හේතු­වෙන් බිහාර් පිල ඕවර 50 අව­සා­නයේ ලකුණු 574ක් රැස් කිරී­මට සමත් විය.

මෙය පිරිමි ක්‍රිකට් තර­ග­ව­ලදී ‘ඒ’ කාණ්ඩ­යෙන් කණ්ඩා­ය­මක් ලබා­ගත් ඉහ­ළම ලකුණු සංඛ්‍යාව වේ.

මින් පෙර තමි­ල්නාඩු පිල ඕවර 50කදී කඩුලු 2කට ලකුණු 506ක් රැස් කර­මින් 2022 වස­රේදී මේ වාර්තාව පිහි­ටුවා තිබිණි.

ඒ කාණ්ඩයේ තර­ග­ය­කදී මෙය දෙවැනි වන්නේ 2007 වසරේ ශ්‍රී ලංකාවේ පැවති කාන්තා දේශීය එක්දින තර­ග­ය­කදී ශ්‍රී ලංකාවේ පුෂ්ප­දාන කාන්තා පිලට එරෙහි මහ­නු­වර කාන්තා ක්‍රිකට් කණ්ඩා­යම කඩුලු 4කට රැස්කළ ලකුණු 632කට පමණි.