
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2025 වසර වන විට ශ්‍රී ලාංකිකයන්ගේ සාමාන්‍ය IQ මට්ටම 102ක් වීමත් සමග දකුණු ආසියාවේ ඉහළම සාමාන්‍ය IQ මට්ටම ඇති රට බවට පත්ව තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළම සාමාන්‍ය IQ මට්ටමක් ඇති රටවල් 12 අතරට ශ්‍රේණිගත කර ඇති බව අන්තරජාතික IQ පරීක්ෂණ (IIT) දත්තවල සඳහන් වේ.
ලොව පුරා 1,352,763 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙම පර්යේෂණය සිදුකර ඇත.
IQ ලකුණු සාමාන්‍යයෙන් ඔවුන්ගේ භූගෝලීය කලාපවල ජනතාවට ලබා ගත හැකි අධ්‍යාපනයේ සහ සම්පත්වල ගුණාත්මකභාවය පිළිබිඹු කරයි.
අන්තරජාතික IQ පරීක්ෂණ ආයතනයට අනුව ගෝලීය සාමාන්‍ය IQ මට්ටම 100ක් වන අතර ශ්‍රී ලංකාවේ සාමාන්‍ය IQ මට්ටම එය ඉක්මවා යයි.
ශ්‍රී ලංකාවෙන් සහභාගී වූවන් 2840 දෙනෙකු සම්මත IQ පරීක්ෂණයක් මත පදනම්ව ඇගයීමට ලක් කර තිබිණි.
චීනය ලෝකයේ ඉහළම සාමාන්‍ය IQ මට්ටම ඇති රට ලෙස පළමු ස්ථානයට පත්ව ඇත්තේ 107ක සාමාන්‍ය අගයක් සමඟිනි.
බෝවන රෝග, ආහාර පුරුදු ආදිය රටක සාමාන්‍ය IQ අගයන්ට බලපෑම් කළ හැකි සාධක වේ.
2024 අධ්‍යයනයකින් පෙන්නුම් කළේ හොඳ ආහාර පුරුදු ඇති දරුවන්ට අනෙකුත් දරුවන්ට වඩා ඉහළ IQ මට්ටමක් ඇති බවයි.
එබැවින්, හොඳ ආහාර පුරුදු ඇති රටවලට ඉහළ සාමාන්‍ය IQ අගයක් ඇති බව පෙනේ.
2022 අධ්‍යයනයකින් හෙළි වී තිබුණේ නිතිපතා චෙස් ක්‍රීඩා කිරීමෙන් දරුවන්ගේ IQ මට්ටම වැඩි කළ හැකි බවයි.
1962 දී කරන ලද තවත් අධ්‍යයනයකින් පෙන්නුම් කළේ ද්විභාෂා දරුවන් එක් භාෂාවක් පමණක් කතා කරන දරුවන්ට වඩා බුද්ධි පරීක්ෂණවලදී ඉහළ ලකුණු ලබා ගන්නා බවයි.
මේ අනුව, රටක සංස්කෘතිය තුළ නිතිපතා බුද්ධිමය වශයෙන් සිදුකෙරෙන උත්තේජක ක්‍රියාකාරකම් එහි සාමාන්‍ය IQ මට්ටම ඉහළ නැංවීමට නැඹුරු වේ.
නිවුන් දරුවන් දහසකට අධික සංඛ්‍යාවක් යොදාගෙන කළ 2013 අධ්‍යයනයකින් පෙන්නුම් කළේ ජාන විද්‍යාව IQ සියයට 50ත් 80ත් අතර ප්‍රමාණයකට බලපාන බවයි.
“සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු ප්‍රවර්ධනය කරන සහ ඔවුන්ගේ පුරවැසියන් බුද්ධිමය වශයෙන් උත්තේජක ක්‍රියාකාරකම්වල යෙදීමට දිරිගන්වන හොඳ සෞඛ්‍ය සේවා පද්ධති ඇති රටවල, ඉහළ සාමාන්‍ය IQ අගයක් සහිත ජනගහනයක් සිටිනවා,” යනුවෙන් වෙබ් අඩවිය සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart