
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තමන් දිගු කලක සිට පොරොන්දු වූ ‘Trump Gold Card’ (ට්‍රම්ප් රන් කාඩ්පත) නිල වශයෙන් විකිණීමට ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
අමෙරිකානු ඩොලර් මිලියන 1ක් ගෙවිය හැකි ධනවත් විදේශීකයන් සඳහා මෙමගින් කඩිනමින් අමෙරිකාවේ පුරවැසිභාවය ලබාගැනීමට හැකියාව හිමි වේ.
ධවල මන්දිරයේ රූස්වෙල්ට් කාමරයේදී ව්‍යාපාරික ප්‍රජාව ද සහභාගී වූ අවස්ථාවකදී ජනාධිපතිවරයා මෙම වැඩසටහන නිල වශයෙන් ආරම්භ කර ඇති අතර ඊට අදාළ අයදුම්පත් පිළිගන්නා වෙබ් අඩවියක් ද එහිදී සක්‍රීය කර තිබේ.
විදේශ ආයෝජන උත්පාදනය කිරීම සඳහා 1990 දී කොංග්‍රසය නිර්මාණය කළ EB-5 වීසා බලපත්‍ර ප්‍රතිස්ථාපනය කිරීමට මෙම නව වීසා කාඩ්පතෙන් අදහස් කෙරේ.
‘ට්‍රම්ප් රන් කාඩ්පත’ (Trump Gold Card) ලෙස නම් කර ඇති මෙම වීසා බලපත්‍රය, රටට සැලකිය යුතු ප්‍රතිලාභයක් ලබාදෙන බවට ඔප්පු කළ හැකි පුද්ගලයන්ට පමණක් පිරිනමන බව ඊට අදාළ නිල වෙබ් අඩවියේ සඳහන් වේ.
මෙම කාඩ්පත මිලදී ගන්නන්ට අමෙරිකාවේ පුරවැසිභාවය කරා සෘජු මාවතක් ලබාදෙන බවට ජනපති ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම ට්‍රම්ප් පවසා ඇත්තේ, වැඩසටහනේ කොටසක් ලෙස ලබාගන්නා සියලුම අරමුදල් එක්සත් ජනපද රජයට යොමුවන බව සහ ඒ ඔස්සේ රටට ධනාත්මක කටයුතු කළ හැකි භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යනු ලබන ගිණුමකට බිලියන ගණනක් ගලා එනු ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart