
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිවයින පුරා පවතින අයහපත් කාලගුණික හා ආපදා තත්ත්වය හේතුවෙන් බාධාවට ලක්ව ඇති දුරකථන සහ අන්තර්ජාල සන්නිවේදන ජාල කඩිනමින් යථාතත්ත්වයට පත්කිරීම සඳහා ගත යුතු විශේෂ ක්‍රියාමාර්ග පිළිබඳ රජය සහ ප්‍රධාන පෙළේ විදුලි සංදේශ සමාගම් අතර සාකච්ඡාවක් අද (29) විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේදී පැවැත්විණි.
ජනාධිපති ලේකම් කාර්යාලය, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ (Clean Sri Lanka) ලේකම් කාර්යාලය, ඩිජිටල් අමාත්‍යංශය සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) ඒකාබද්ධව මෙම සාකච්ඡාව සංවිධානය කර තිබිණි.
පවතින අධික වර්ෂාව සහ ආපදා තත්ත්වය හේතුවෙන් සම්ප්‍රේෂණ කුළුණු (Transmission Towers) සඳහා විදුලිය ඇනහිටීම සහ ජාල බිඳවැටීම් නිසා ජනතාවට, විශේෂයෙන්ම ආපදාවට ලක්වූ ප්‍රදේශවල ජනතාවට සිය ඥාතීන් සම්බන්ධ කර ගැනීමට නොහැකි වීම මෙහිදී විශේෂ සාකච්ඡාවට ලක්විය.
ඒ අනුව, විදුලිය ඇනහිට ඇති කුළුණු සඳහා කඩිනමින් ජනන යන්ත්‍ර (Generators) හෝ විකල්ප බලශක්ති සැපයීමට අදාළ සමාගම් සහ විදුලිබල මණ්ඩලය අතර සෘජු සම්බන්ධීකරණයක් ඇති කිරීමටත්, හානියට පත් කුළුණු අලුත්වැඩියා කිරීමට අවශ්‍ය තාක්ෂණික කණ්ඩායම් ආපදා ප්‍රදේශවලට යැවීමට රජයේ ප්‍රවාහන සහ ආරක්ෂක අංශවල සහාය ලබාදීමටත් මෙහිදී තීරණය කෙරිණි.
ආපදා අවස්ථාවලදී ජාල තදබදය අවම කරමින් හදිසි ඇමතුම් (Emergency Calls) සඳහා ප්‍රමුඛතාවය ලබා දීමට ක්‍රියාකරුවෝ එකඟතාව පළකළහ.
මෙම ගැටලු විසඳීමට රජයේ පූර්ණ මැදිහත්වීම ලබා දෙන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මෙහිදී අවධාරණය කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) බන්දුල හේරත් සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම් ඇතුළු රජයේ උසස් නිලධාරීහූද, මෙරට ප්‍රධාන දුරකථන සේවා සැපයුම්කරුවෝ වන ඩයලොග් (Dialog), එස්.එල්.ටී මොබිටෙල් (SLT-Mobitel), හච් (Hutch) සහ එයාර්ටෙල් (Airtel) යන සමාගම්වල ජ්‍යෙෂ්ඨ නිලධාරීහුද මීට එක්ව සිටියහ.(PMD)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart