
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට පෙර කොළඹ සිංහල ක්‍රීඩා සමාජ (SSC) ක්‍රීඩාංගණයේ සංවර්ධන කටයුතු කිහිපයක් සිදුවෙමින් පවතී.
ඒ අනුව විදුලි පහන් සවිකිරීම සහ ඒ ආශ්රිත වැඩිදියුණු කිරීම් මේවනවිට සිදුකෙරෙමින් ඇත.
2026 පෙබරවාරි 7 සිට මාර්තු 8 දක්වා පැවැත්වෙන තරඟාවලියේදී ඉන්දියාව සමඟ සම-සත්කාරකත්වය ශ්‍රී ලංකාව විසින් දරන අතර, ඊට සමගාමීව මෙම වැඩිදියුණු කිරීම් සිදුකෙරේ.
මේ දක්වා, SSC ක්‍රීඩාංගණය ටෙස්ට්, කාන්තා එක්දින අන්තර්ජාතික සහ දේශීය තරඟ ඇතුළුව දිවා කාලයේ පැවැත්වෙන තරඟ සඳහා සත්කාරකත්වය ලබා දී තිබේ.
කොළඹදී පැවැත්වෙන දිවා රාත්‍රී තරඟ සාමාන්‍යයෙන් දිවයිනේ ඉහළම ධාරිතාවයෙන් යුත් ක්‍රීඩාංගණය වන කොළඹ R. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ (ඛෙත්තාරාම ක්‍රීඩාංගනයේ) පවත්වනු ලබයි.
ලෝක කුසලාන කාලසටහන යටතේ, SSC පිටිය කණ්ඩායම් අදියරේ තරඟ පහක් සඳහා සත්කාරකත්වය දරනු ඇත.
පළමු තරඟය නෙදර්ලන්තය සහ පාකිස්තානය පෙබරවාරි 7 වැනි දින පැවැත්වීමට නියමිතය.
පෙබරවාරි 9 වැනි දින පැවැත්වෙන තරඟයේදී ක්‍රීඩාකිරීමට නියමිතව ඇත්තේ ඕමානය සහ සිම්බාබ්වේ කණ්ඩායම් ය.
පෙබරවාරි 10 වැනිදා පකිස්ථානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර තරගය පැවැත්වේ.
බලධාරීන් පවසන්නේ සිදුකෙරෙමින් පවතින ආලෝකකරණ පහන් ස්ථාපිත කිරීම් මඟින් SSC ක්‍රීඩාංගණය ලෝක කුසලාන රාත්‍රී තරඟ පැවැත්වීමට පමණක් නොව ඉදිරියේදී දිවා-රාත්‍රී ටෙස්ට් තරඟ සහ දේශීය ලීග සඳහා ද සුදුසු වනු ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart