
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලෝකයේ ඕනෑම රටක සිනමා නිර්මාණයක් නැරඹීමේ අවස්ථාව ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයාට හිමි විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවැසීය.
සිනමාවේ ප්රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බවත්, එනයින් දේශීය සිනමා කර්මාන්තය රැකගනිමින්ම විදෙස් සිනමා නිර්මාණ නැරඹීමේ අවස්ථාව ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයාට ලබාදිය යුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, සිනමාපට බෙදාහරින්නන් සහ නිෂ්පාදකයන් සමඟ අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවකට එක්වෙමිනි.
කර්මාන්තයක් ලෙස ඔවුන් මුහුණදෙන ගැටලු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වූ අතර, එම ගැටලු සියල්ලටම ජනාධිපතිවරයා විසින් සාධනීය පිළිතුරු ලබාදෙන ලදී.
විශේෂයෙන් අගය එකතු කළ බද්ද (VAT) ගෙවීමේදී සිදුවී ඇති අක්‍රමිකතා සහ කර්මාන්තය පුළුල් කිරීමේදී පවතින සීමාවන් පිළිබඳ සිනමා පට බෙදාහරින්නන් සහ නිෂ්පාදකයන් විසින් ජනාධිපතිවරයා වෙත කරුණු පැහැදිලි කරනු ලැබීය.
2025 වසරේදී සිනමාව කර්මාන්තයක් ලෙස ඉතිහාසයේ ඉහළම ආදායම් වාර්තා හිමිකර ගෙන ඇති බවත් එය අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා රජයේ සහාය ලබාදෙන ලෙසත් ඔවුහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි, ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව සහ සාමාන්‍යාධිකාරී රුවන් ප්‍රේමවීර රජය නියෝජනය කරමින් මෙම සාකච්ඡාවට එක් වූහ.
සිනමාපට බෙදාහරින්නන් සහ නිෂ්පාදකයන් නියෝජනය කරමින් ප්‍රවීන රංගන ශිල්පී සනත් ගුණතිලක, ජානකී විජේරත්න (Lyca Productions), ජනිත් ප්‍රසන්න විතානගේ (JP Ceneplex-Kandy), තුෂාන් රනගන මීමනගේ (LFD), රුවිඳු ගුණරත්න (EAP), අනුර ජසෙන්තුලියන (Lite Cinema), ඉම්තියාස් කාදර් (CEL), ගංගා රතුවිතාන (Ceylon Theaters) සහ අනුෂ්ක එගොඩවත්ත (PVR) මෙම අවස්ථාවට සහභාගී වූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart