November 26, 2025

මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන සෙහාන් සත්සර නොහොත් ‘දෙහි බාලේ’ට අයත් බව කියන ධීවර යාත්‍රා පහක් අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් මිලියන 200ක් පමණ වටිනා මෙම යාත්‍රා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ (CID) නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

දික්වැල්ල ධීවර වරායේ නැංගුරම් ලා තිබියදී මෙම බෝට්ටු අත්අඩංගුවට ගෙන තිබේ.