
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දුම්රිය රියදුරන් සහ වෘත්තීය සමිති විසින් මතු කරන ලද ආරක්ෂක ගැටළු සැලකිල්ලට ගනිමින්, වන අලි නිතර ගැවසෙන ප්‍රදේශ ඔස්සේ සිදුකෙරෙන රාත්‍රී තැපැල් දුම්රිය සේවා දිවා කාලයේ සිදුකෙරෙන මෙහෙයුම් සඳහා මාරුකිරීම පිළිබඳ දුම්රිය දෙපාර්තමේන්තුව සලකා බලමින් සිටින බව වාර්තා වේ.
කෙසේවෙතත් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර පැහැදිලි කර ඇත්තේ, මෑතක සිදුකර ඇති දුම්රිය කාලසටහන් සංශෝධන මගීන්ට ව්‍යාකූලත්වයක් සහ අපහසුතාවයක් ඇති කළ බවයි.
ඔහු පෙන්වාදෙන පරිදි කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා, කොළඹ සිට මඩකලපුව දක්වා සහ මොරටුව සිට කන්කසන්තුරේ දක්වා දිවෙන රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක් ඊයේ දිනයේදී පූර්ව ආසන වෙන්කරවා ගැනීමේ අවස්ථාවකින් තොරව ධාවනය කර තිබේ.
එය මගීන්ගේ විවේචන සඳහා හේතු වූ බව ඔහු පවසයි.
එමෙන්ම ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ලේකම්වරයා පවසන්නේ, දුම්රිය රියදුරු සංගමය විසින් ධාවනය කරන වේලාව සම්බන්ධයෙන් සංශෝධන ඉල්ලා සිටියද, එවැනි සංශෝධන මගින් රාත්‍රී දුම්රිය මත යැපෙන ජනතාවගේ ගමන් අවශ්‍යතා සපුරාලන්නේද යන්න පිළිබඳ ගැටලු පවතින බවයි.(Daily Mirror)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart