
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගුවන් යානයකදී බෞද්ධ භික්ෂුවකගේ රුපියල් 483,855 ක් වටිනා විදේශ මුදල් සොරකම් කිරීම සම්බන්ධයෙන් ඊයේ (25) කටුනායක ගුවන්තොටුපොළ පොලිසිය විසින් චීන ජාතිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව වාර්තා විය.
වාර්තාවලට අනුව, පේරාදෙණියේ විහාරස්ථානයක වාසය කරන, වෘත්තියෙන් ගුරුවරයකු වන පූජ්‍ය දිගල්ලේ මහින්ද හිමියන්, නොවැම්බර් 25 වැනි දින පෙ.ව. 10:05 ට අබුඩාබි සිට එතිහාඩ් එයාර්වේස් EY-392 ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළට පැමිණ ඇත.
ගුවන් යානය කටුනායකට ආසන්න වද්දී, භික්ෂුන් වහන්සේ වැසිකිළියට ගොස් තිබේ.
ඒ මොහොතේ, චීන ජාතිකයන් දෙදෙනෙකු උන්වහන්සේගේ ආසනය වෙත පැමිණ, ඉහල රාක්කයේ තබා තිබූ ගමන් බෑගයෙන් මුදල් සොරකම් කර ඇත.
කටුනායක රේගු නිෂ්කාශනය අතරතුර, භික්ෂුව තම විදේශ මුදල් අතුරුදහන් වී ඇති බව දැනගෙන තිබේ.
සොරාගත් මුදලට යුරෝ 250ක්, ස්ටර්ලින් පවුම් 100ක්, ඇමරිකානු ඩොලර් 250ක් සහ මැලේසියානු රිංගිට් 3,850ක් ඇතුළත් වී ඇත.
භික්ෂුව ගුවන්තොටුපළ පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර, ඔවුන් එහිදී සීසීටීවී දර්ශන පරීක්ෂා කර තිබේ.
සැකකරුවන් ත්‍රිරෝද රථයකින් ගුවන්තොටුපොළින් පිටව යන අයුරු එහිදී සොයාගෙන තිබේ.
ගුවන්තොටුපොළේ ත්‍රිරෝද රථ සංගම්වල සහාය ඇතිව, පොලිසිය වාහනය හඳුනාගෙන සොරකම් කළ මුදල් සමඟ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
සොරාගත් මුදල් අද (26) කොළඹ කැසිනෝ සූදුව සඳහා යොදා ගැනීමට සැකකරුවන් සැලසුම් කර ඇති බව විමර්ශනවලින් හෙළිව තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 31 සහ 58 අතර වේ.
කටුනායක ගුවන්තොටුපොළ පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර, සැකකරුවන් අද (26) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart