
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොලිස් කණ්ඩායමක් විසින් මෝටර් රථයක් පරීක්ෂා කිරීමට උත්සහ කිරීමේදී එය වළක්වාලීම සඳහා මෝටර් රථය ධාවනය කිරීම හේතුවෙන් දෙල්වල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇත.
වරෙන්තු නිකුත් කරන ලද සැකකරුවකු එහි සිටින බවට ලැබුණු තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් වාහනයක් පරීක්ෂා කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී මෙම සිදුවීමට මුහුණ පා තිබේ.
පොලිසිය පැවසුවේ වරෙන්තුකරු පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරයකු බවයි.
පොලිස් නිලධාරීන් මෝටර් රථයේ රියදුරුට එය නවත්වන ලෙස නියෝග කළ ද ඔහු එම නියෝගය නොතකා මෝටර් රථය වේගයෙන් ඉදිරියට ධාවනය කරවා ඇතැයි පොලිසිය පවසයි.
එහිදී මෝටර් රථය පළායාම වැළැක්වීම සඳහා එක් පොලිස් කොස්තාපල්වරයෙකු මෝටර් රථය අතනොහැර සිටීමට උත්සහ දරා ඇති අතර එහිදී රියදුරු කිලෝමීටර් 1.5 ක් පමණ දුරක් මෝටර් රථය නතර නොකර ධාවනය කර තිබේ,
අනතුරුව පොලිස් නිලධාරියා මාර්ගයට වැටී බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.
ඔහු ප්‍රතිකාර සඳහා රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකාර රියදුරා වාහනය අතුරු මාර්ගයක අතහැර පළා ගොස් ඇති බව පරීක්ෂණවලින් හෙළි වී තිබේ.
සැකකරු සොයා දෙල්වල පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart