November 26, 2025

ව්‍යාපාරික ධම්මික පෙරේරා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපතිවරයා ලෙස පත්කිරීම සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

ධම්මික පෙරේරා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපතිවරයා ලෙස පත්කර තිබේද යන ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සතිපතා කැබිනට් තීරණ දැනුම් දීමේ ජනමාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවසීය.

“ඒ පිළිබඳව කිසිදු සාකච්ඡාවක් පවත්වා නැහැ. යමෙක් ඒ තනතුරට පත්කර ඇත්නම්, හැමෝටම ඒ බව දාගන්න ලැබෙනවා” ඔහු පැවසීය.