
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ පුද්ගලයින් 269 දෙනෙකුට මරු කැඳවූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් ප්‍රශ්න කරන ලද සැකකරුවකු එක්සත් රාජධානියේ සරණාගතභාවය අපේක්ෂා කරන බව The Telegraph පුවත් සේවය වාර්තා කරයි.
නම අනාවරණය කර නැති මෙම ශ්‍රී ලාංකික සරණාගතයා 2019 පාස්කු ඉරිදා රට තුළ සිදු වූ බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධ බවට චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇත.
සුඛෝපභෝගී හෝටල් සහ පල්ලි ඉලක්ක කරගත් මරාගෙන මැරෙන බෝම්බකරුවන් එල්ල කළ ප්‍රහාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් වීමෙන් පසු සැඟව සිට ඇති මෙම පුද්ගලයා 2022 දී ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් ඇත.
ඔහු 2022 සැප්තැම්බර් මාසයේදී එක්සත් රාජධානියට පැමිණ මාසයකට පසු සරණාගතභාවය ඉල්ලා තිබේ.
ශ්‍රී ලංකාවෙන් පිටව ගිය දා සිට පොලිස් නිලධාරීන් ඔහුගේ පවුලේ නිවසට නිතර ගොස් ඇති බවත්, ඔහු නැවත නිවසට ගියහොත් “පීඩාවලට පත්වනු” ඇති බවත් ඔහු එකසත් රාජධානියේ ආගමන විනිශ්චය සභාවකට පවසා ඇත.
ඔහුගේ බිරිඳ සහ ඔහු වෙනුවෙන් ඉදිරිපත් කළ සරණාගතභාවය ඉල්ලීම මුලින් ස්වදේශ කටයුතු කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කරන ලද නමුත් ඉහළ ආගමන විනිශ්චය සභාවක තීරණයට එරෙහිව අභියාචනයක් දිනාගෙන ඇති අතර ඔහුගේ නඩුව දැන් නැවත විභාග කෙරෙන බවද The Telegraph වැඩිදුරටත් වාර්තා කරයි.
පාස්කු ඉරිදා බෝම්බ පිපිරීම්වලින් මවක් සහ ඇගේ දරුවන් දෙදෙනා ඇතුළු බ්‍රිතාන්‍ය ජාතිකයන් හයදෙනෙකුද මියගියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart