
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රෝගීන් සුව කිරීමේ බලයක් ඇති බව පවසන සහ ‘සීතා මෑණියෝ’ ලෙස ප්රසිද්ධ කාන්තාවක් හොරොව්පතාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පැවසුවේ අදාළ කාන්තාව වයස අවුරුදු 16 ක ගැහැණු ළමයකුට වේවැලකින් දරුණු ලෙස පහර දී ඇගේ රෝගය සුවකිරීම සඳහා රත් වූ ගිරයකින් පිළිස්සුම් තුවාල සිදුකර ඇති බවයි.
දැරියගේ මව්පියන් ඇයව වැලිමුවපොතාන පිහිටි සැකකාර කාන්තාවගේ දේවාලයට ගෙනැවිත් ඇත්තේ දේව බලයෙන් ඇගේ අසනීපය සුවකිරීම සඳහාය.
45 හැවිරිදි සැකකාර කාන්තාව හොරොව්පතාන කපුගොල්ලෑව ප්රදේශයේ පදිංචිකාරියකි.
දේව බලයෙන් රෝගීන් සුවකිරීමේ බලයක් ඇති බව පවසන සැකකාරිය තම නිවසේ කාමරයක දේවාලයක් පවත්වාගෙන යන බව පොලිසිය පවසයි.
ප්රතිකාර ලබාගැනීම සඳහා දේවාලයට පැමිණි දැරිය මැදවච්චිය පිහිඹියගොල්ලෑව ප්රදේශයේ පදිංචිකාරියකි.
දැරිය පරීක්ෂා කළ කාන්තාව ඇගේ දෙමව්පියන්ට පවසා ඇත්තේ ඇයට යක්ෂයෙක් වැහී ඇති බවයි.
ඒ අනුව, මෝහනයට පත් වූ කාන්තාව ඇයට වේවැලකින් පහර දී, රත් වූ ගිරයකින් ඇගේ ශරීරයේ ස්ථාන කිහිපයක් පුළුස්සා දමා, එම යක්ෂයා ඇගේ ශරීරයෙන් පළවා හැරීමට උත්සාහ කර ඇතැයි පැවසේ.
මේ සම්බන්ධයෙන් දැරියගේ මව්පියන් පොලිසියට කළ පැමිණිල්ල මත විමර්ශන පැවැත්වීමෙන් පසු, පොලිසිය සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන දැරිය අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart