
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස පාර්ලිමේන්තු පුස්තකාලයේ වැඩි කාලයක් ගත කරමින් ස්වයං අධ්‍යාපනය තුළින් තම ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාව ප්‍රගුණ කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේය.
ඔහු මේ බව සඳහන් කළේ රට තුළ ඉංග්‍රීසි අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමිනි.
ප්‍රමාණවත් අධ්‍යාපන සුදුසුකම් නොමැති වුවද පුස්තකාලයේ වැඩි කාලයක් ගත කිරීමෙන් ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාව ප්‍රගුණ කිරීමේ හැකියාව තිබිය යුතු බව ඔහු පාර්ලිමේන්තුවට පැවසීය.
“හොඳම උදාහරණයක් වන්නේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස. පාර්ලිමේන්තු පුස්තකාලයේ වැඩි කාලයක් ගත කිරීමෙන් ලබාගත් ස්වයං අධ්‍යාපනය තුළින් ඔහු තම ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කලා. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට සහ ඉංග්‍රීසි භාෂාවෙන් සම්මුඛ සාකච්ඡාවලට මුහුණ දීමට ඔහුට හැකි වුණා,” යැයි ඔහු පැවසීය.
භාෂාවක් ප්‍රවීණව භාවිත කිරීමට නොහැකි වීම මත අන් අයට අවමන් නොකළ යුතු බවත්, මෙම තත්ත්වයට හේතු වූයේ කුමක්දැයි ප්‍රශ්න කිරීම වැදගත් බවත් ප්‍රේමදාස පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart