
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ මානසික අවපීඩනය භයානක ලෙස ඉහළ මට්ටමක පවතින බවත් මෙරට මුළු ජනගහනයෙන් පහෙන් එකක් හෝ සියයට 19.4ක් පමණ ඉන් පීඩා විඳින බවත් අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ කැලණිය විශ්වවිද්‍යාලය ඒකාබද්ධව සිදුකළ අධ්‍යයනයෙන් පෙනීගොස් ඇත්තේ අනෙකුත් ආසියානු රටවල් හා සසඳන විට, මෙරට මානසික අවපීඩනයේ ව්‍යාප්තිය සැළකිව යුතු ලෙස ඉහළ බවයි.
ආසියානුවන්ගෙන් සියයට 16.1ක් පමණක් මෙම මානසික සෞඛ්‍ය තත්ත්වය අත්විඳින බව මෙම අධ්‍යයනය පෙන්වාදෙයි.
2023 දී පර්යේෂකයන් කණ්ඩායමක් විසින් කරන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ වයස අවුරුදු 10ත් 24ත් අතර තරුණ ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 39ක් මානසික අවපීඩනයෙන් පෙළෙන බවයි.
බ්‍රිතාන්‍ය රාජකීය මනෝචිකිත්සක විද්‍යාලය විසින් සිදු කරන ලද සහ 2023 දී කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය විසින් ප්‍රකාශයට පත් කරන ලද තවත් අධ්‍යයනයක සඳහන් වන්නේ “මානසික සෞඛ්‍ය සම්බන්ධ කාර්ය මණ්ඩලය සැපයීම උප ප්‍රශස්ත මට්ටමක පවතී; සෞඛ්‍ය සේවා ආයතනවලින් සියයට 34ක පමණක් වෛද්‍ය නිලධාරියකු සිටින අතර, මානසික සෞඛ්‍ය සේවා පිළිබඳ පුහුණුව ලත් හෙද නිලධාරියකු සිටින්නේ සියයට 38ක පමණි.” යනුවෙනි.
වයස අවුරුදු 19 සහ ඊට අඩු තරුණ තරුණියන් අතර මානසික සෞඛ්‍ය සේවා සැපයීම කඩිනමින් සමාලෝචනය කළ යුතු බව වාර්තාවේ සඳහන් වේ.
මෙම වයස් කාණ්ඩයේ සැළකිව යුතු ප්‍රමාණයක් සියදිවි නසා ගැනීමට උත්සාහ කර තිබීම ඊට හේතුවයි.
එම ප්‍රමාණය සියයට 7ක් පමණ වන බව කියවේ.
“තවත් සංකීර්ණ සාධකයක් වන්නේ සංක්‍රමණය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් වාර්ෂිකව 200,000ක් පමණ අහිමි වීමයි. සංක්‍රමණික කාන්තාවන්ගෙන් සියයට 75ක් විවාහක වූ අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට දරුවන් සිටියහ. මෙම පවුල්වල දරුවන් අතර මානසික සෞඛ්‍ය ගැටලු සැළකිව යුතු ලෙස ඉහළ ය,” යනුවෙන් වාර්තාව තවදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart