
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලංකාව ණය ගෙවීම පැහැර හැරිය හොත් ඉන් වැඩිම බලපෑමක් එල්ල වන්නේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ එසේ වුවහොත් එක් පුද්ගලයෙකුගේ හෝ කිහිපදෙනෙකුගේ තීරණ අනුව විශාල පිරිසක් ආර්ථික වශයෙන් අර්බුදයකට මුහුණපානු ඇති බවයි.
තමන් සෑමවිටම මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරනුයේ ඒ හේතුවෙන් බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
විකල්පය ණය නොගෙන සිටීම නොවන බවත්, රටක් වශයෙන් මුහුණපාන ගැටලුවලදී ණය ගැනීමට සිදුවන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
ඔහු පවසන්නේ විසඳුම ලෙස සිදු කළ යුතු වන්නේ රටේ ආදායම් ඉහළ නංවා ගැනීම බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart