November 23, 2025

‘අයිස්’ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකකට වඩා ළඟ තබා ගෙන සිටි තරුණයකු මාදම්පිටිය මිහිජය සෙවණ නිවාස සංකීර්ණයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

මාදම්පිටිය පොලිසියට ලැබුණු තොරතුරක් මත සිදු කරන ලද වැටලීමකදී අයිස් කිලෝග්‍රෑම් 1යි මිලිග්‍රෑම් 310ක් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු කොළඹ 15 පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.