
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට පෑන සහ කඩදාසි භාවිතයෙන් තොරව ඉලෙක්ට්‍රොනිකව අත්සන් තැබීමෙන් ජනාධිපති නීතිඥවරුන් සිව්දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයේ දිවුරුම් දී තිබේ.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ සභාපතිත්වයෙන් යුත් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ඔවුන් ඉලෙක්ට්‍රොනිකව අත්සන් තැබීම සිදුකර තිබිණි.
මෙලෙස අලුතින් දිවුරුම් දුන් ජනාධිපති නීතිඥවරුන් වන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරුන් සිව්දෙනෙකු වන හිරන්ජන් පීරිස්, අසාර්ඩ් නවාවි, ලක්මාලි කරුණානායක සහ සුදර්ශන ද සිල්වායි.
හිරන්ජන් පීරිස් –
අතිරේක සොලිසිටර් ජනරාල් හිරන්ජන් පීරිස් 1992 දී නීතිඥවරයකු ලෙස බඳවා ගෙන තිබූ අතර 1995 පෙබරවාරි මාසයේදී රජයේ නීතිඥවරයකු ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට සම්බන්ධ විය.
ඔහු 2024 ජූලි මාසයේදී අතිරේක සොලිසිටර් ජනරාල් ධුරයට ලෙස උසස් වීමක් ලැබීය.
ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකි.
අසාර්ඩ් නවාවි –
අතිරේක සොලිසිටර් ජනරාල් අසාර්ඩ් නවාවි 1997 දී ශ්‍රී ලංකා නීති විද්‍යාලයෙන් පළමු පන්තියේ ගෞරව උපාධිය ලබා ගත්තේය.
ඔහු 1998 දී රාජ්‍ය නීතිඥවරයකු ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට සම්බන්ධ විය.
නීතිපති දෙපාර්තමේන්තුවේ වසර 27ක සේවා කාලයක් ඇති ඔහු බොහෝ ඉහළ පෙළේ අපරාධ නඩු සඳහා ප්‍රධාන අභිචෝදකයා විය.
ඔහු මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකි.
ලක්මාලි කරුණානායක –
අතිරේක සොලිසිටර් ජනරාල් ලක්මාලි කරුණානායක 1997 දී නීතිඥවරියක් ලෙස ලියාපදිංචි වූ අතර 1998 දී රාරජයේ නීතිඥවරියක් ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට සම්බන්ධ විය.
ඇය බොහෝ ඉහළ පෙළේ අපරාධ නඩු සඳහා නඩු පැවරීමේ කටයුතු මෙහෙයවා ඇත.
ඇය කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ ආදී ශිෂ්‍යාවකි.
සුදර්ශන ද සිල්වා –
අතිරේක සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා ඇරැව්වල ධර්මපාල විද්‍යාලයෙන් සහ කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය.
ඔහු 1996 දෙසැම්බර් මාසයේදී නීතිඥවරයකු ලෙස ඇතුළත් වූ අතර 1998 දී නීතිපති දෙපාර්තමේන්තුවට සම්බන්ධ විය.
2025 මැයි මාසයේදී ඔහු අතිරේක සොලිසිටර් ජනරාල් ලෙස උසස් වීමක් ලැබීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart