
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හම්බන්තොට ප්‍රදේශයේ පසුගිය දිනවල සිදු කරන ලද අලි මෙහෙයුම සාර්ථක වූ බව පරිසර අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.
එම අමාත්‍යාංශය පවසන්නේ එය ප්‍රදේශවාසීන් මෙන්ම අලින්ද ආරක්ෂා කිරීම සඳහා නිර්මාණය කරන ලද කෙටි දුර මෙහෙයුමක් බවයි.
පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි පවසන්නේ ප්‍රදේශයේ ගම්වැසියන් සහ අලි ඇතුන් අතර ගැටුම් වැඩිවීම පිළිබඳ සති ගණනාවක් තිස්සේ පැවති සාකච්ඡාවකින් පසුව හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී මෙම වැඩසටහන අනුමත කෙරුණු බවයි.
“ගම්වලට සංක්‍රමණය වුනු අලි ඇතුන් නැවත රක්ෂිතයට යොමු කෙරුණා. මෙය මිනිස්සු කියපු විදිහේ කිලෝමීටර් 100ක වගේ දිගු දුරකට පළවා හැරීමක් නෙවෙයි. මෙමගින් ආවරණය වුණේ කිලෝමීටර් 8-10ක් වගේ කෙටි දුරක්. අලි ඇතුන්ගේ සහ ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීම එහි අරමුණ වුණා.” යැයි ඔහු පැවසීය.
මීට පෙර අවස්ථාවකදී ජයකොඩි පැවසුවේ මිනිසුන් සහ අලි ඇතුන් යන දෙපාර්ශවයම මිය ගොස් නිවාස සහ භෝගවලට හානි සිදු වූ අතීත සිදුවීම් සමාලෝචනය කිරීමෙන් පසුව මෙම තීරණය ගනු ලැබු බවයි.
නොවැම්බර් 2 වැනිදා ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතියට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආරක්ෂිත කලාපවලින් පිටත ජීවත් වන අලි රංචු නැවත ස්ථානගත කිරීම ද ඇතුළත් විය.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ගුවන් හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් 2,000ක් පමණ මෙහෙයුමට යොදවා තිබිණි.
කෙසේවෙතත්, අලි එළවීම බොහෝ දුරට අකාර්යක්ෂම බව විද්‍යාත්මක අධ්‍යයනයන් පෙන්වා දී ඇති බවත් සමහර අවස්ථාවල හානිකර බවත් පෙන්වා දෙමින් පරිසර කණ්ඩායම් බලධාරීන්ගෙන් මෙම උපාය මාර්ගය නැවත සළකා බලන ලෙස ද ඉල්ලා තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart