November 22, 2025

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඇන්තනි ලලිත් ශිරාන් ගුණරත්න අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දුන්නේය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන 2025-11-22 දින සිට 2025-11-27 වන දින දක්වා විදේශගත වන බැවින්, ඔහු නැවත ලංකාවට පැමිණෙන තුරු ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකරනු ලැබ තිබේ.