
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ගුවන් ටිකට්පත් වෙන් කරගෙන පසුව ඒවා අවලංගු කර ඇති බව අධිකරණය හමුවේ ඊයේ අනාවරණ විය.
මෙම කරුණ අනාවරණ වූයේ අයථා ලෙස ඉපයූ මුදල්වලින් ඉඩමක් මිලදී ගත් බවට බැසිල් රාජපක්ෂට එරෙහිව මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුව කැඳවූ අවස්ථාවේදීය.
නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම අධිකරණය හමුවේ මෙම කරුණු සඳහන් කළාය.
බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා ඉදිරිපත් කර තිබූ රාජපක්ෂගේ වෛද්‍ය වාර්තාවල පරස්පරතා ඇති බව නඩුව කැඳවූ අවස්ථාවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණය හමුවේ සඳහන් කළාය.
මීට පෙර ඉදිරිපත් කර ඇති වෛද්‍ය වාර්තාවේ ඔහු පුටුවකින් ඇද වැටී ස්නායු ආබාධයකට ලක්ව ඇති බව සඳහන් කර තිබුණ ද වත්මන් වෛද්‍ය වාර්තාවේ ඔහෙට හිරිවැටීමේ රෝගයක් ඇති බව සඳහන් වන බව ඇය පෙන්වා දුන්නාය.
එසේම වෛද්‍යවරයා විසින් ගුවන් ගමන් නුසුදුසු බවට නිර්දේශ කර තිබුණ ද සැකකරු ඊයේ ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ගුවන් ටිකට්පත් වෙන්කරවාගෙන පසුව ඒවා අවලංගු කර ඇති බව ද ඇය අධිකරණය හමුවේ සඳහන් කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart