
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට ගුවන් ගමන් යෑම නුසුදුසු බවට වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර ඇතත් ඔහු ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ගුවන් ටිකට්පත් වෙන් කරවාගෙන පසුව ඒවා අවලංගු කර ඇති බව මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ ප්‍රකාශ විය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම අධිකරණයට පැවසුවේ බැසිල් රාජපක්ෂ හිතාමතාම අධිකරණය හා මුවේ පෙනී සිටීම මගහරිමින් සිටින බවට බරපතළ සැකයක් පවතින බවයි.
නීති විරෝධී ක්‍රම මගින් ලබාගත් බව කියන රුපියල් මිලියන 50ක් මාතර බ්‍රවුන්ස් හිල් ප්‍රදේශයේ අක්කර එකහමාරක ඉඩමක් මිලදී ගැනීම සඳහා යොදා ගත් බවට වන චෝදනා යටතේ මෙම නඩුව ගොනුකර ඇත.
බැසිල් රාජපක්ෂ ඇතුළු පුද්ගලයන් හතර දෙනෙකුට මේ සම්බන්ධයෙන් අධිචෝදනා ගොනු කර තිබේ.
පළමු සහ දෙවැනි සැකකරුවන් අධිකරණයේ පෙනී සිටියද, බැසිල් රාජපක්ෂ සහ සිව්වැනි සැකකරු වන අයෝමා ගලප්පත්ති අධිකරණය හමුවට පැමිණ සිටියේ නැත.
තම සේවාදායකයා ‘වම් පස සයිටිකා’ රෝගයෙන් පෙළෙන බවත් එබැවින් ගුවන් ගමන් යෑම නුසුදුසු බවත් සඳහන් කරමින් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළේය.
කෙසේවෙතත්, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කළේ, මීට පෙර ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවල ඔහු වැටීමකින් බෙල්ලට තුවාල සිදුවී ඇති බව සඳහන් කර තිබුණත්, එක්ස් කිරණ වාර්තාවල අස්ථි බිඳීමක් දක්නට නොලැබුණු බවයි.
2025 සැප්තැම්බර් 14 දිනැති වෛද්‍ය නිර්දේශයක් මගින් රාජපක්ෂ මාස හයක් යනතුරු ගුවන් ගමන්වලින් වැළකී සිටිය යුතු බව සඳහන් කර තිබුණද, නොවැම්බර් 18 සහ 21 අතර කාලය තුළ ගුවන් ටිකට්පත් වෙන්කරවා ගෙන ඇති බවත්, පසුව ඒවා අවලංගු කර ඇති බවත් ඇය තවදුරටත් හෙළි කළාය.
ගුවන් සේවා වෛද්‍ය නිෂ්කාශන පෝරමයකින් රාජපක්ෂට සහායක් ඇතිව ගුවන් ගමනේ යෙදිය හැකි බවත්, ඔහුට විශේෂ ආසන හෝ ඔක්සිජන් ආධාර අවශ්‍ය නොවන බවත්, වෛද්‍ය හිමිකම්වල විශ්වසනීයත්වය පිළිබඳ තවදුරටත් ගැටළු මතු කරන බවත් අධිකරණය හමුවේ ප්‍රකාශ විය.
රාජපක්ෂගේ සවිස්තරාත්මක වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා ඔහුගේ නීති කණ්ඩායමට නියෝග කළ අතර, ඊට අනුකූල වීමට අපොහොසත් වීම ඇප අහිමි කිරීමට හේතුවිය හැකි බවට අනතුරු ඇඟවීය.
සැකකරු අධිකරණයේ පෙනී සිටින බවට සහතික වන ලෙස ඇපකරුවන්ට ද උපදෙස් දෙන ලදී.
නඩුව 2026 මැයි 22 වැනිදාට කල් තබන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart