
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් රුපියල් මිලියන 100ක වන්දියක් ඉල්ලා පියකු සහ පුතකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී තිබේ.
පෙර රජය යටතේ සිදු කරන ලද ‘යුක්තිය’ මෙහෙයුමේදී මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනා මත තමන් නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කළ බව පෙත්සම්කරුවන් ප්‍රකාශ කර ඇත.
ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරික පිය-පුතු දෙපළක් වන මොහොමඩ් සුලෙයිමාන් සහ ඉෆ්තාන් රහ්මතුල්ලා විසින් මෙම පෙත්සම ගොනු කර තිබිණි.
පෙත්සමේ ඉදිරිපත් කර ඇති මූලික කරුණු සළකා බැලීමෙන් පසු යසන්ත කෝදාගොඩ, සෝභිත රාජකරුණා සහ මේනකා විජේසුන්දර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.
පෙත්සම්කරුවන්ට අනුව, පසුගිය වසරේ මාර්තු 14 වැනිදා, ‘යුක්තිය’ මෙහෙයුමේදී, පෙත්සමේ වගඋත්තරකරුවන් ඔවුන්ගේ නිවසට බලහත්කාරයෙන් ඇතුළු වී, සෝදිසි කිරීමක් සිදුකර, ඔවුන්ට පහර දී, පසුව ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනා මත රිමාන්ඩ් භාරයට පත් කර ඇත.
පෙත්සම්කරුවන් පවසන්නේ අවසානයේ තමන් ඇප මත නිදහස් කර පසුව චෝදනාවලින් නිදහස් කළ බවයි.
ඒ අනුව, වගඋත්තරකරුවන්ගේ ක්‍රියාවන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව ප්‍රකාශ කරන ලෙසත්, රුපියල් මිලියන 100ක වන්දියක් ගෙවීමට නියෝග කරන ලෙසත් ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ හිජාස් හිස්බුල්ලා පෙනී සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart