
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අලි සමීක්ෂණයේ ප්‍රතිඵලවලට අනුව මෙරට සිටිය හැකි යැයි අනුමාන කළ හැකි සමස්ත අලි සංඛ්‍යාව 7,451ක් යැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ පැවසීය. හෙතෙම මෙසේ පැවසුවේ ඊයේ (20) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ශ්‍රී ලංකාවේ සිටිය හැකි අවම අලි සංඛ්‍යාව මෙය විය හැකි බවට සංඛ්‍යා ඉදිරිපත් කිරීමක් පමණක් මෙහිදී සිදුකෙරෙන බැවින් මෙරට සිටිය හැකි සැබෑ අලි ඇතුන්ගේ සංඛ්‍යාව මීට වඩා වැඩි විය හැකි බව ද හෙතෙම පැවසීය.
අලි සම්බන්ධයෙන් මෙතෙක් කර ඇති සමීක්ෂණ දත්ත අනුව 1993 දී මෙරට සිටිය හැකි අවම අලි සංඛ්‍යාව 1967ක්, 2011 දී මෙරට සිටිය හැකි අවම අලි සංඛ්‍යාව 5,879ක්, 2024 දී මෙරට සිටිය හැකි අවම අලි සංඛ්‍යාව7,451ක් ලෙස වාර්තා වී ඇත.
වසරකට වඩා අඩු හා අඩි තුනකට වඩා උසින් අඩු ළදරු අලි ප්‍රතිශතය 1993දී 23%ක් ද, 2011 දී 18.8%ක් ද, 2024 දී 16 %ක් ද වශයෙන් වාර්තා වී ඇති බැවින් 2024 වන විට ළදරු අලි කාණ්ඩයේ අඩුවීමක් වාර්තා වී තිබේ.
අවුරුදු 15ට වඩා වැඩි හා උසින් අඩි හයකට වඩා වැඩි වැඩිහිටි අලින්ගේ ප්‍රතිශතය 1993 දි 52.8%ක් ද, 2011 දී 55.9 %ක් ද, 2024 දි 61%ක් ද වශයෙන් 2024 වන විට වැඩිහිටි අලි ගහනයේ වැඩි වීමක් සිදුව තිබේ. දළ ඇතුන්ගේ ප්‍රතිශතය 1993 දී 11%ක් ද, 2011 දී 8.4%ක් ද , 2024 දී 17.6%ක් වශයෙන් වාර්තා වී ඇති බැවින් වර්තමානයේදී එම කාණ්ඩයේ වැඩිවීමක් සිදුව තිබේ.
1993 දී 1.8 වූ ගැහැනු අලි ප්‍රතිශතය, 2011 දී 1.09ක් බවට පත්ව 2024 දි 1.04ක් වී ඇත. එනම් 1993 වර්ෂයට සාපේක්ෂව විට ගැහැනු පිරිමි ප්‍රතිශතය 1.1ක් බවට පත්ව තිබේ.
ගැහැනු අලි රංචු මඟින් සිදුවන දේපළ හා ජීවිත හානිය අඩු වුවත් පිරිමි රංචු මඟින් සිදුවන දේපළ හා ජීවිත හානි ප්‍රමාණය වැඩිය. වර්තමානයේ ගැහැනු හා පිරිමි අලි ප්‍රතිශතය සමාන වීමෙන් අලි මිනිස් ගැටුම වර්ධනය වීමට බලපා ඇතැයි අනුමාන කළ හැකි බව ද ඒ එහිදී පෙන්වා දුන්නේය.
2024 අගෝස්තු මස සිදු කළ මෙම දත්ත ඇතුළත් අලි සමීක්ෂණයේ පර්යේෂණ පත්‍රිකාව ඉදිරි සති දෙක ඇතුළත එළිදක්වන බව ද ප්‍රකාශ විය.
එසේම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ග්‍රාමසේවා වසම් මට්ටමින් සිදුකළ සමික්ෂණයකට අනුව මෙරට භුමියෙන් 60%ට වැඩි ප්‍රමාණයක අලි ඇතුන් සැරිසරන බව අනාවරණය වි ඇති බව ද හෙළිව තිබේ.
ඒ අතර 30%ක් පමණ වූ රක්ෂිත ප්‍රදේශත්, 30%ක් පමණ මහජනතාව ගැවසෙන ප්‍රදේශත් වෙයි. ඒ නිසා අලි ඇතුන් ගැවසෙන්නේ මහජනතාවත් සමඟම යැයි ද ප්‍රකාශ විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart