
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මිදිගම හෝටලයකට වෙඩි තැබීමට තැත්කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු දැනට විදේශයක පදිංචිව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ කොන්ත්‍රාත් ඝාතකයකු ලෙස හඳුනාගෙන ඇති බව පොලිසිය පවසයි.
පොලිසියට අනුව, සැකකරු තවත් දෙදෙනකු සමඟ කපුවත්ත ප්‍රදේශයේ නිවසක මිනීමැරුමක් සිදුකිරීමට රැඳීසිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ තංගල්ල, දංකැටිය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි සැකකරු හමුදා සේවයෙන් ඉවත් වූ පුද්ගලයකු බවයි.
බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් මිදිගම ප්‍රදේශයේ සිදුකළ වැටළීමකින් පසු ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ටී -56 ගිනි අවියක් සමඟිනි.
සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු මත පදනම්ව, තවදුරටත් සෝදිසි කිරීමක් සිදුකර ඇති අතර, එහි පහත සඳහන් දෑ සොයාගෙන තිබේ.
– ‘අයිස්’ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 21.75
– ටී-56 මැගසින් 01
– ටී-56 උණ්ඩ 30
– විදේශයක නිෂ්පාදනය කරන ලද අත්බෝම්බ 01
– අපරාධය සිදුකිරීම සඳහා සූදානම් කර තිබූ යතුරුපැදි 01
– හිස්වැසුම් 02
– ජංගම දුරකථනය 01
සැකකරු ඊයේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 07ක රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝගයක් නිකුත් කර ඇත.
වැලිගම සහ මාතර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart