
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සෞදි ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මාන් ධවල මන්දිරයට කළ සංචාරයේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිව තිබිණි.
මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනයෙන් පසු ඔටුන්න හිමි කුමරු ධවල මන්දිරයට කළ පළමු සංචාරය මෙයයි.
මෙහිදී ට්‍රම්ප් එක්සත් ජනපද බුද්ධි තොරතුරුවලට පටහැනිව යමින් ප්‍රකාශ කළේ අදාළ ඝාතනය ගැන කුමරුන් “කිසිවක් දැන සිටියේ නැහැ” යනුවෙනි.
“ඔබ සඳහන් කරන්නේ අතිශයින්ම මතභේදාත්මක කෙනෙකු ගැන” යැයි කෂෝගි පිළිබඳ මාධ්‍යවේදියකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ට්‍රම්ප් පැවසීය.
“ඔබ කතා කරන ඒ මහත්මයාට බොහෝ දෙනෙක් කැමති වුණේ නැහැ. ඔබ ඔහුට කැමති වුවත් නැතත්, යම් යම් දේවල් සිදුවෙනවා, නමුත් ඔටුන්න හිමි කුමරු ඒ ගැන කිසිවක් දැන සිටියේ නැහැ, අපට එය එතැනින් අත්හැරිය හැකියි.” යනුවෙන් ඔහු පැවසීය.
ට්‍රම්ප් තම ප්‍රකාශය ආරම්භ කළේ ‘මානව හිමිකම් සහ අනෙකුත් සියල්ල’ සම්බන්ධයෙන් ඔටුන්න හිමි කුමරු ගැන ආඩම්බර වන බව පවසමිනි.
ඔටුන්න හිමි 40 හැවිරිදි මොහොමඩ් කුමරු , 2018 දී සෞදි රජයේ දැඩි විවේචකයකු වූ කෂෝගිගේ ඝාතනයෙන් පසු අන්තර්ජාතික අනාථයකු බවට පත්විය.
ඒ අවස්ථාවේ දී, ඔටුන්න හිමි කුමරු විසින්ම අදාළ ඝාතනය කිරීමට නියෝග කළ බව CIA ආයතනය නිගමනය කිරීමෙන් පසුව පවා ට්‍රම්ප් සෞදි රජය ආරක්ෂා කළේය.
කෂෝගිගේ මරණය සහ 2001 සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ගේ පවුල්වලින් එල්ල වන විවේචන පිළිබඳ ඔටුන්න හිමි කුමරුගෙන් විමසූ ABC ප්රවෘත්ති වාර්තාකරුවකුට ට්‍රම්ප් බැණ වැදිණි.
“ABC, බොරු ප්රවෘත්ති, නරකම එකක්, ක්ෂේත්රයේ තියෙන නරකම එකක්,” යනුවෙන් ඔහු පැවසීය.
වොෂින්ටනය සහ රියාද් අතර භේදයක් ඇති කිරීමේ ව්‍යාපාරයක කොටසක් ලෙස පවතින සෞදි රජයට එරෙහි විවේචන ඔටුන්න හිමි කුමරු ප්‍රතික්ෂේප කළේය.
“ඇමරිකාවේ 9/11 ප්‍රහාරයේ පවුල් ගැන මට වේදනාවක් දැනෙනවා,නමුත් ඔබ දන්නවා, අපි යථාර්ථය කෙරෙහි අවධානය යොමු කළ යුතුයි.”” ඔහු පැවසීය.
කෂෝගිගේ ඝාතනය සම්බන්ධයෙන් සිය රාජධානිය කළ විමර්ශනය ඔටුන්න හිමි මොහොමඩ් කුමරු ද ආරක්ෂා කළ අතර, එයට අභ්‍යන්තර ප්‍රතිසංස්කරණ ඇතුළත් බව ඔහු පැවසීය.
ඝාතනයට සම්බන්ධ වීම සම්බන්ධයෙන් සෞදි අධිකරණයක් පස් දෙනෙකුට මරණ දඬුවම නියම කළේය.
“සෞදි අරාබියේ අපට එය වේදනාකාරී අත්දැකීමක්, මෙය නැවත සිදු නොවීමට අපි අපේ උපරිමය කරනවා” යනුවෙන් පොරොන්දු වෙමින් ඔහු පැවසුවේ.
ඝාතනයට ලක්වූ මාධ්‍යවේදියා ගේ වැන්දඹු බිරිඳ වන හනන් එලාටර් කෂෝගි, ට්‍රම්ප්ට X හි ප්‍රතිචාර දක්වමින් සඳහන් කර තිබුණේ “මගේ සැමියා ඝාතනය කිරීමට කිසිදු සාධාරණීකරණයක් නැහැ. ජමාල් හොඳ විනිවිද පෙනෙන සහ නිර්භීත මිනිසෙක්, බොහෝ අය ඔහුගේ අදහස් සහ මාධ්‍ය නිදහස සඳහා වූ ආශාව සමඟ එකඟ නොවන්න ඇති. ඔටුන්න හිමි කුමරු පැවසුවා මේ ගැන තමා කණගාටු වනවා කියලා. එමනිසා ඔහු මා හමුවී සමාව අයැද මගේ සැමියාගේ ඝාතනයට මට වන්දි ගෙවිය යුතුයි.” යනුවෙනි.
2019 දී ඔටුන්න හිමි කුමරු පැවසුවේ කෂෝගි ඝාතනය ඔහුගේ අධීක්ෂණය යටතේ සිදු වූ බැවින් එහි ‘සම්පූර්ණ වගකීම’ තමන් භාර ගත්ත ද එම ඝාතනය සිදු කිරීමට අණ නොකළ බවයි.
ට්‍රම්ප් ඔටුන්න හිමි කුමරු පිළිගැනීම උත්කර්ෂවත් ලෙස සිදුකර තිබිණි.
ධවල මන්දිරයට පැමිණීමෙන් පසු, ඔටුන්න හිමි කුමරුට ප්‍රහාරක ජෙට් යානා සහිත ගුවන් හමුදා උත්තමාචාරයක්, අශ්වාරෝහක නිලධාරීන් සහ රෝස උයනේ සංචාරයක් ට්‍රම්ප් විසින් පිරිනමන ලදී.
පසුව, ඕවල් කාර්යාලයේදී වාර්තාකරුවන් අමතමින් ට්‍රම්ප් සඳහන් කළේ, මෙම වසරේ සෞදි රාජධානියට ගිය විට ලැබුණු පිළිගැනීම ඉතා ඉහළ බවයි.
නායකයන් දෙදෙනා ආර්ථික හා ආරක්ෂක ගිවිසුම් අත්සන් කිරීමට ද අපේක්ෂා කරන බව ධවල මන්දිර නිලධාරියෙක් පවසා තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart