
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බදුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක විසින් ඌව පළාත් සභාවට අයත් මහජන මුදල්වලින් රුපියල් මිලියනයක පමණ මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් පවත්වන ලද විමර්ශනය අවසන් කර ඇති බවත්, සැකකරුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකිරීමට කොමිසම කටයුතු කරන බවත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්රාත්වරයාට දැනුම්දුන්නේය.
අල්ලස් කොමිසම විසින් විමර්ශනය අවසන් කර ඇති බැවින්, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම වැඩිදුර පරීක්ෂණ පෙබරවාරි 20 වන දිනට කල් තැබූ අතර, විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව අධිකරණයට දැනුම්දෙන ලෙස අල්ලස් කොමිසමට නියෝග කළේය.
සැකකරු බදුල්ල ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ තැන්පත් කර ඇති අරමුදල් ගිණුම් කල්ඉකුත් වීමට පෙර යටි අරමුණු සහිතව ආපසු ලබාගෙන ඇති බව කොමිසම පැවසීය.
2016 දී ඌව පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ කාලය තුළ චාමර සම්පත් දසනායක විසින් සිදුකරන ලදැයි කියන මූල්‍ය දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ඔහුව අත්අඩංගුවට ගන්නා ලදී.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි විසින් රුපියල් 50,000 ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදාහරින ලදී.
ඊට අමතරව, මන්ත්‍රීවරයාට විදේශ ගමන් තහනමක් ද පනවන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart