
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය සඳහා පෙර පරිපාලනය විසින් කැඳවනු ලැබු කැමැත්ත ප්‍රකාශ කිරීම් (EOI) සමඟ ඉදිරියට යනවාද නැතහොත් ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ලිමිටඩ් සමඟ හවුල්කාරිත්වයෙන් තෙල් ටැංකි සංකීර්ණය ඒකාබද්ධව සංවර්ධනය කිරීම සඳහා උපායමාර්ගික ආයෝජකයන්ගෙන් නව කැමැත්ත ප්‍රකාශ කිරීම් කැඳවනවාද යන්න සම්බන්ධයෙන් රජය තවමත් තීරණය කර නොමැති බව වාර්තා වේ.
ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ලිමිටඩ් විසින් කැමැත්ත ප්‍රකාශ කිරීම් කැඳවා මේ වන විට වසරකට වැඩි කාලයක් ගත වී තිබේ.
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය යටතේ ඇති ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ලංකා IOC අතර ඒකාබද්ධ ව්‍යාපාරයක් වන ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ලිමිටඩ් විසින් ත්‍රිකුණාමලයේ ටැංකි සංකීර්ණයේ ටැංකි 61ක් ගොඩනැගීම, ක්‍රියාත්මක කිරීම සහ මාරු කිරීම (BOT) පදනම මත සංවර්ධනය කිරීම සඳහා සුදුසුකම් ලත් ආයෝජකයන් සහ සමූහාණ්ඩු වෙතින් කැමැත්ත ප්‍රකාශ කිරීම් කැඳවා තිබිණි.
රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය සඳහා වූ ජාතික ආයතනය විසින් මෙම ව්‍යාපෘතියට පහසුකම් සපයන ලදී.
ඉන්දියාව, බංග්ලාදේශය සහ ඉන් ඔබ්බට ප්‍රධාන නැව් මාර්ග අසල ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයට අයත් ත්‍රිකුණාමලයේ උපායමාර්ගික පිහිටීම මෙන්ම ලොව විශාලතම ස්වාභාවික ගැඹුරු ජල වරායන්ගෙන් එකක් ලෙස එහි තත්ත්වය ද මෙහිදී විශේෂයෙන් අවධානයට ලක්කර තිබිණි.
ටැංකි සංකීර්ණය වානේ ටැංකි 100කින් සමන්විත වන අතර, ඒවායේ එක් එක් ධාරිතාව මෙට්‍රික් ටොන් 10,000කි.
හෙක්ටයාර 325.5ක් පුරා පැතිරී ටැංකි සංකීර්ණයේ, ටැංකි 61ක් ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ලිමිටඩ් වෙත වසර 50කට බදු දී ඇති අතර ඒවා ප්‍රතිසංස්කරණය කර උපායමාර්ගික ඛනිජ තෙල් පර්යන්තයක් ලෙස නවීකරණය කර අවට භූමියට පුළුල් කිරීමේ හැකියාව ඇත.
ආයෝජකයන්ගේ කැපවීම අඩුවී තිබූ ටැංකි නවයක් සඳහා 2024 ජූලි 5 වැනිදාට පෙර කැමැත්ත ප්‍රකාශ කිරීම් ඉදිරිපත් කළ යුතුව තිබූ අතර, පසුගිය වසර තුන සඳහා සමාගම් පැතිකඩ සහ වාර්ෂික වාර්තා ඇතුළුව, ආදායම් ආකෘති, අදාළ ව්‍යාපෘති අත්දැකීම් සහ ආධාරක ලේඛන සමඟ යෝජනා ගෙනහැර දැක්විය යුතුව තිබිණි.
බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල පවසන්නේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු ටැංකි 20 ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගනිමින් සිටින බවයි.
“ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ලිමිටඩ් යටතේ ප්‍රතිසංස්කරණය සඳහා විශාල ආයෝජනයක් අවශ්‍යයි. එම කටුතු මීට කලින් ලබාගත් කැමැත්ත ප්‍රකාශ කිරීම් සමඟ ඉදිරියට යා යුතුද නැද්ද යන්න පිළිබඳ රජය තවමත් තීරණය අරගෙන නැහැ.” යනුවෙන් ඒකාබද්ධ ව්‍යාපාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පැවසීය.
ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු ටැංකි 24 ප්‍රතිසංස්කරණය කිරීම අඛණ්ඩව සිදුවන බවත්, ටැංකි දෙකක් දැනටමත් ප්‍රතිසංස්කරණය කර අවසන් බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්යක්ෂ මයුර නෙත්තිකුමාරගේ තහවුරු කර තිබේ.
ඉදිරි මෙහෙයුම් සඳහා තීරණාත්මක අංගයක් වන විශාල නැව් සඳහා නල මාර්ගයක් දැමීම සහ ජැටි පද්ධතිය වැඩිදියුණු කිරීම මෙම කාර්යයට ඇතුළත් වූ බව ඔහු වැඩිදුරටත් පැවසීය.
මුළු ප්‍රතිසංස්කරණය සම්පූර්ණ කිරීමට අවම වශයෙන් මාස 18ක් ගතවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
රජය විසින් අනුමත කරන ලද ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට අනුකූලව තනි ඉදිකිරීම් කොන්ත්‍රාත්තු සඳහා අදියර ප්‍රසම්පාදන ප්‍රවේශයක් භාවිත කරමින් ලංකා ඛනිජ තෙල් සංස්ථාව ව්‍යාපෘතිය අභ්‍යන්තරව කළමනාකරණය කරයි.
ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ලිමිටඩ් වෙත බදු දී ඇති ටැංකි 61 සම්බන්ධයෙන් නෙත්තිකුමාරගේ සඳහන් කළේ මීට පෙර ලබාගත් කැමැත්ත ප්‍රකාශ කිරීම් මඟින් ටැංකි ප්‍රතිසංස්කරණය කර එම සංකීර්ණය භාවිතයට ගතහැකි ආයෝජකයකු සෙවූ බවයි.
“මෙම ආකෘතිය සුදුසුද නැතිනම් ව්‍යාපෘතියට සෘජුවම ආයෝජනය කිරීම වඩා හොඳද කියලා ලංකා ඛනිජ තෙල් සංස්ථාව දැන් ඇගයීමට ලක් කරමින් සිටිනවා . එමඟින් සංස්ථාවට පිරිවැය සහ පොලී ආන්තිකයන් අයකර ගැනීමට ඉඩ සලසනවා. අපි ආයෝජනය සුරක්ෂිත කළ පසු, අතරමැදි ආයෝජකයකු මත විශ්වාසය තැබීමට වඩා, අපට ගබඩා ධාරිතාව තෙල් වෙළෙන්දන් සහ නිෂ්පාදකයන් වැනි සැබෑ පරිශීලකයන්ට කෙලින්ම විකිණිය හැකියි.” ඔහු පැවසුවේය.
තාක්ෂණික හා මූල්‍යමය අඩුපාඩු සපුරාලීම සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ලංකා IOC නියෝජිතයන් ඇතුළු කමිටුවක් පෙර ව්‍යාපාර ආකෘතිය සමාලෝචනය කරමින් සිටින බව ඔහු අවධාරණය කළේය.
“ඇගයීම් කාලය ටැංකි 24 හි අඛණ්ඩ සංවර්ධනයට බලපාන්නේ නැහැ, එය සැලසුම් කළ පරිදි දිගටම තියෙයි,” යනුවෙන් ඔහු සඳහන් කළේය.
යටිතල පහසුකම් සංවර්ධනය යටතේ ජැටි පද්ධතියට වැඩිදියුණු කිරීම් සිදුවෙමින් පවතින බව ආචාර්ය නෙත්තිකුමාරගේ ප්‍රකාශ කළේය.
“මෙම ව්‍යාපෘතියට ත්‍රිකුණාමලයේ ගැඹුරු ජලයේ ගොඩබෑමේ ස්ථානයට පාවෙන බෝයා පද්ධතියක් ඇතුළත්. එය පවතින යටිතල පහසුකම්වලට අනුව සිදුවන්නේ. අඛණ්ඩව සිදුවන වැඩිදියුණු කිරීම් සඳහා මූලික ඇස්තමේන්තු ඩොලර් මිලියන 70ක් පමණ වනවා, නමුත් ඉදිරි සති කිහිපය තුළ ඉදිරි ටෙන්ඩර් ප්‍රකාශයට පත් කළ පසු අවසාන පිරිවැය තහවුරු කරන්න පුළුවන්.” යැයි ඔහු පැවසීය.
ඛනිජ තෙල් සංස්ථා කළමනාකාර අධ්යක්ෂවරයා පැහැදිලි කළේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව ව්‍යාපෘති කළමනාකරණ කටයුතු අධීක්ෂණය කරන අතර, රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ යටතේ තනි ඉදිකිරීම් කොන්ත්‍රාත්තු අදියර වශයෙන් ප්රදානය කරනු ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart