
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රට තුළ ජාතික සමගිය විනාශ වූ ඉතිහාසයක් තිබූ බවත්, මහජනතාවගේ බදු මුදල් අන්තවාදී අරමුණු වෙනුවෙන් වියදම් කර ඇති යුගයක් ද පැවැති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
ඉල්මහ විරු සැමරුමට එක්වෙමින් මේ බව පැවසූ ජනාධිපතිවරයා පෙන්වාදුන්නේ එකම ගිණුමකින් මුස්ලිම් අන්තවාදයටත්, සිංහල අන්තවාදයටත් පඩි ලෙස මුදල් ගෙවා ඇති බවයි.
එලෙස මුදල් ලබා දී සිංහල අන්තවාදීන් මුස්ලිම් ජනයාට එරෙහිව හඬ නැගීම සඳහාත්, මුස්ලිම් අන්තවාදීන් සිංහල ජනතාවට එරෙහිව හඬ නැගීම සඳහාත් පොළඹවා ඇති බව ජනාධිපතිවරයා පැවසුවේය.
එලෙස අන්තවාදීන්ට මහජන බදු මගින් මුදල් ගෙවූ රජයන් ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් ජාතිවාදය උපයෝගී කර ගත් බව ද ජනාධිපතිවරයා චෝදනා කළේය.
සෑම අයෙකුටම සිය ජාතිකත්වය සහ සංස්කෘතිය සම්බන්ධයෙන් බැඳීමක් පවතින බවත්, එම බැඳීම අවුස්සා එයට ගිනි තබා සියලු ප්‍රශ්න සඟවා තැබීමට ඔවුන් කටයුතු කළ බවත් ජනාධිපතිවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart