
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අධිකරණයේ නඩු භාණ්ඩයක් ලෙස තිබූ නීතිවිරෝධී මත්පැන් (කසිප්පු) බෝතලයක් සොරාගෙන පානය කර සිටියදී අධිකරණ භූමියේදීම අත්අඩංගුවට ගත් 43 හැවිරිදි සැකකරුවකු මේ මස 26 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කුරුණෑගල ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඊයේ (13) නියෝග කළේය.
මැල්සිරිපුර පොලිසිය නඩු භාණ්ඩයක් ලෙස අධිකරණයට ඉදිරිපත් කළ නීතිවිරෝධී මත්පැන් (කසිප්පු) බෝතලය අධිකරණ භූමියේ නඩු බඩු කාමරය අසල තිබියදී අධිකරණයේ නඩු කටයුත්තක් සඳහා පෙනීසිටීමට පැමිණි මැල්සිරිපුර ප්‍රදේශයේ පුද්ගලයකු එය සොරාගෙන අසල පිහිටි වැසිකිළියට රැගෙන ගොස් පානය කර ඇත.
කසිප්පු බෝතලය නඩු බඩු කාමරය අසල නොමැති බැවින් උසාවියේ නිලධාරීන් පරීක්‍ෂා කිරීමේදී සැකකරු වැසිකිළිය තුළට වී එය පානය කර බමන මතින් සිටිනු දැක ඇත.
එහිදී පොලිස් නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගෙන මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart