
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාලදිවයින් මුහුදු සීමාවේදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 350ක් සමග පසුගිය සතියේ අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකිකයන් පස් දෙනා නඩු විභාගය අවසන් වන තෙක් රඳවා තබා ගැනීමට මාලදිවයිනේ අපරාධ අධිකරණය බදාදා (12) නියෝග කළේය.
මාලදිවයිනේ පොලිස් සේවය මීට පෙර වාර්තා කළේ අධිකරණ නියෝගයක් යටතේ කළ පරීක්ෂා කිරීමේදී කිලෝග්‍රෑම් 350කට වඩා මත්ද්‍රව්‍ය සොයා ගත් බවයි.
මෙම අත්අඩංගුවට ගැනීම මෑත ඉතිහාසයේ මාලදිවයින් බලප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය ප්‍රමාණය විය.
සිද්ධියට සම්බන්ධ ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩල සාමාජිකයන් පස් දෙනා අපරාධ අධිකරණය හමුවේ පෙනී සිටි අතර, ඔවුන් සියලු දෙනා රැඳවුම් විභාගයේදී චෝදනා ප්‍රතික්ෂේප කළහ.
නඩු විභාගය අවසන් වන තෙක් සැකකරුවන් පස් දෙනාම රඳවා තබා ගැනීමට තීරණය කිරීමට හේතුව ලෙස අධිකරණය සටහන් කර තිබුණේ මෙම අපරාධයට පුද්ගලයන් ගණනාවකගේ ජාලයක් සම්බන්ධ විය හැකි බවට වන සැකයයි.
අත්අඩංගුවට ගත් යාත්‍රාව සහ මත්ද්‍රව්‍ය පිළිබඳ විමර්ශනයට සහාය වීම සඳහා ශ්‍රී ලංකාවෙන් විශේෂ කණ්ඩායමක් මාලදිවයිනට ගිය බව මෙරට මාධ්‍ය වාර්තා කර තිබිණි.
මාලදිවයින් පොලිස් සේවය ප්‍රකාශ කළේ මෙම විමර්ශනයට මාලදිවයින් පොලිසිය සහ මාලදිවයින ජාතික ආරක්ෂක බලකාය (MNDF) මෙන්ම ශ්‍රී ලංකා පොලිසිය සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහයෝගයද ලැබුණු බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart