
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට මෑතකදී ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව ගාල්ල බන්ධනාගාරය වත්මන් ස්ථානයෙන් ඉවත් කිරීම සඳහා අවධානය යොමු වී තිබේ.
වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය සහ කමිටුවේ සම සභාපති නලින් හේවගේ යෝජනාව ඉදිරිපත් කරමින් අවධාරණය කළේ, බන්ධනාගාරය විසින් දැනට අත්පත් කරගෙන ඇති ඉඩම සැළකිව යුතු වාණිජ වටිනාකමක් ඇති අතර එය ගාල්ල නගර සංවර්ධනය සඳහා වඩා හොඳින් භාවිත කළ හැකි බවයි.
පවතින බන්ධනාගාරයට නගරයේ ප්‍රධාන ප්‍රදේශයක අක්කර හතරක් පමණ අයත් වන බවත්, එය දැනට ඉඅහළ යමින් තිබෙන ගාල්ලේ නාගරික හා ආර්ථික අවශ්‍යතා සපුරාලීමට පරිවර්තනය කළ හැකි බවත් ඔහු සඳහන් කළේය.
අධිකරණ කටයුතු සඳහා ඩිජිටල් පද්ධති භාවිත කිරීමට රජය සැලසුම් කිරීමත් සමඟ, බන්ධනාගාරය නගර මධ්‍යයට ආසන්නව පැවතීමේ අවශ්‍යතාව අඩු වන බවත්, සිරකරුවන් බන්ධනාගාරයෙන් පිටතට නිතර නිතර රැගෙන ඒම අවම කරන බවත් නියෝජ්‍ය අමාත්‍ය හේවගේ තවදුරටත් පැහැදිලි කළේය.
ගාල්ල බන්ධනාගාරය වෙනත් ස්ථානයකට ගෙනයෑම සඳහා විකල්ප ස්ථාන කිහිපයක් හඳුනාගෙන ඇති බව වාර්තා වුවද, අවසන් තීරණයක් තවමත් ගෙන නොමැත.
වත්මන් බන්ධනාගාර භූමිය බහු-මාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානයක් බවට සංවර්ධනය කිරීමට යෝජනා කර ඇති බවත්, විවිධ පොදු ප්‍රවාහන ක්‍රම ඒකාබද්ධ කර ගාල්ලේ දිගුකාලීන නාගරික සංවර්ධන ඉලක්කවලට එය දායක වන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා අනාවරණ කළේය.
කෙසේවෙතත්, යෝජනාව සළකා බලමින් පවතින බවත්, නැවත ස්ථානගත කිරීම හෝ නැවත සංවර්ධනය කිරීමේ සැලසුම් සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹ නොමැති බවත් ඔහු අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart