
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තිරප්පනේ නගරාසන්නයේ පිහිටි ඉන්ධන පිරවුම්හලට හා රට බීමහලට පෙරේදා (11 දා) රාත්‍රියේ කිසියම් පුද්ගලයකු විසින් පෙට්‍රල් බෝම්බයක් දමා ගිනිතබා ඇතැයි තිරප්පනේ පොලිසිය පවසයි.
තිරප්පනේ පොලිස් ස්ථානය ඉදිරිපිට පිහිටි රට බීමහලට පළමුවෙන්ම සැකකරු පෙට්‍රල් බෝම්බයක් දමා ගිනිතැබීමට උත්සාහ කර ඇත.
පසුව ඊට යාබදව පිහිටි ඉන්ධන පිරවුම්හලේ සේවකයන් පැමිණ රට බීමහලේ ගින්න නිවා දමා තිබේ.
ඒ අතරතුර ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන පොම්ප දෙකට ද පෙට්‍රල් දමා ගිනිතබා සැකකරු පළාගොස් ඇත.
පසුව පිරවුම්හලේ තිබූ ගිනි නිවීමේ ටැංකි භාවිත කරමින් එහි සිටි සේවකයන් විසින් ගින්න නිවාදමා තිබේ.
මෙම රට බීමහල හා ඉන්ධන පිරවුම්හල එකම පුද්ගලයකුට අයත් බැවින් පෞද්ගලික ආරවුල් මත මෙම ගිනි තැබීම් දෙකම සිදු කරන්නට ඇති බව පොලිසිය සැකකරයි.
ගින්නෙන් රට බීමහලට සුළු අලාභහානි හා ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන පොම්ප දෙකට ද අලාභහානි සිදු වී ඇත.
යම් හෙයකින් ගින්න පැතිරි ගියේ නම් ජීවිත හානි හා විශාල දේපළ හානියක් සිදුවීමට ඉඩ තිබිණැයි ප්‍රදේශවාසීහු පවසති.
මෙම ගිනි තැබීම සිදුකිරීම සම්බන්ධ සී.සී.ටී.වී දර්ශන පරීක්ෂා කර පලාගිය සැකකරු වහාම අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිසිය කීය.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart