
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ විවිධ අධිකරණ විසින් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලබන සැකකරුවන් සහ දඬුවම් පමුණුවනු ලබන විත්තිකරුවන් සම්බන්ධයෙන් අධිකරණ සමඟ සෘජු ව සම්බන්ධ වෙමින් රාජකාරි ඉටු කිරීමේදී සහ එකී රැඳවියන්ගේ සුබසාධනය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අදාළ රාජකාරි කටයුතු කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වාහන පහසුකම් සපයාගැනීමේ අවශ්‍යතාව මතු ව තිබේ.
ඒ අනුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහා ආසන 44 බස්රථ 30ක්, ආසන 30 බස්රථ 10ක්, වෑන් රථ 10ක්, ගලි බවුසර් 05ක් සහ ට්‍රැක්ටර් 03ක් මිල දී ගැනීම සඳහා ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ ලංසු කැඳවනු ලැබ ඇත.
ඒ සඳහා ලංසුකරුවන් 08දෙනෙකු විසින් ලංසු ඉදිරිපත් කරනු ලැබ තිබේ. ඒ අනුව, එකී ලංසු සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහා වාහන මිල දී ගැනීමේ ප්‍රසම්පාදනය පහත සඳහන් පරිදි පිරිනැමීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart