November 11, 2025

පාතාල නායකයකු බව කියන නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ රඳවා තබාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර ඇත.

ඒ අනුව, අවුරුදු 2 මාස 8 කට වැඩි කාලයක් කිසිදු විමර්ශනයකින් හෝ චෝදනාවකින් තොරව නඳුන් චින්තක(හරක් කටා) නීතිවිරෝධී ලෙසෙ ත්‍රස්ත විමර්ශන කොට්ටශයේ රඳවා තබාගැනීම පිළිබඳව මෙම විමර්ශනය අරඹා තිබේ.

2025/10/21 දින ශ්‍රීලංකා මානව හිමිකම් කොමිසමට සිදුකරන ලද අංක HRC/3701/25 දරන පැමිණිල්ලට අදාළව එම කොමිසම විසින් මෙම විමර්ශනය අරඹා ඇති අතර, ඊට අදාළව සවිස්තර වාර්තාවක් වහාම කොමිසම වෙත ලබාදෙන ලෙස පොලිස්පතිවරයාට දන්වා යවා ඇත.