
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගල්කිස්ස උසාවියේදී නීතිඥ ගුණරත්න වන්නිනායක සමග ඇතිවූ අර්බුදකාරී සිද්ධියට සම්බන්ධ බව කියන පොලිස් කොස්තාපල්වරයා, මෙම සිද්ධියට පෙර විනය හේතූන් මත රාජ්ය සේවා කොමිෂන් සභා ක්රියාපටිපාටියේ රීතිවලට අනුකූලව කැස්බෑව පොලිස් ස්ථානයෙන් ගල්කිස්ස මූලස්ථාන පොලිසියට මාරුකර සිටි අයකු බව අද අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.
පෙත්සම්කාර නීතිඥ ගුණරත්න වන්නිනායක වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය අධිකරණයට පවසා ඇත්තේ, විනය හේතූන් මත පොලිස් කොස්තාපල්වරයා මාරුකර ඇතත්, පොලිස්පතිවරයා මෙම කරුණ අධිකරණයට හෙළිකිරීමට අපොහොසත් වී ඇති බවයි.
ගල්කිස්ස අධිකරණ පරිශ්රයේ රාජකාරි සඳහා මෙම පොලිස් නිලධාරියා පත්කළේ කෙසේද යන්න පිළිබඳව ඔහු එහිදී කනස්සල්ල පළකර ඇත.
2025 අගෝස්තු 5 දිනැති පොලිස් ස්ථාන මාරු ලිපියේ පිටපතක් මෝසමක් මගින් අධිකරණයට ඉදිරිපත් කරන බව ද ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය සහ විනිසුරු ප්රියන්ත ප්රනාන්දු යන ද්වි පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලට දැනුම්දී තිබේ.
අනතුරුව නඩුව ජනවාරි 14 වැනිදා දක්වා කල්තැබීමට විනිසුරු මඩුල්ල විසින් නියෝග කෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart