
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ හිටපු සාමාන්‍යාධිකාරිවරයකු හා ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු ක්‍රියාකාරි අධ්යක්ෂවරයකු දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇත.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ හිටපු සාමාන්‍යාධිකාරිවරයෙකු වූ සුමතිපාල මහනාම අබේවික්‍රම ඊයේ (03) පෙ.ව. 9.15 ට අත්අඩංගුවට ගෙන ඇති අතර, ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාවේ හිටපු ක්‍රියාකාරි අධ්‍යක්ෂවරවෙකු වූ සරත්චන්ද්‍ර ගුණරත්න ජයතිලක පෙ.ව. 10.15 ට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය රියදුරු අයි.එල්.කේ. දිසානායක වෙත ආයතන සංග්‍රහයේ XLVIII පරිච්ඡේදයේ පළමු උපලේඛනය යටතේ නිකුත්කර තිබූ චෝදනා පත්‍රයක් අනුව පැවැති විධිමත් විනය පරීක්ෂණයකින් පසුව වරදකරු කර එකී දුම්රිය රියදුරු වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් පහකිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඒ.පී. ආරියරත්න විසින් නිකුත් කර තිබූ විනය නියෝගය සම්පූර්ණයෙන්ම වෙනස්කර ඉහත දුම්රිය රියදුරු සේවයෙන් පහකිරීමට කටයුතු නොකර ඔහුට වාසියක් සිදු කිරීම සම්බන්ධව ඉහත සුමතිපාල මහනාම අබේවික්‍රම යන අය අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.
එමෙන්ම ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් හා දේපල නියමිත ක්‍රමවේදය අනුගමනය නොකර එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය ‘සිරිකොත’ ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීමට යොදවීමෙන් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට රුපියල් 1,667,294.87 ක පාඩුවක් ද, එක්සත් ජාතික පක්ෂයට අයුතු ලාභයක් ද සිදුකිරීම සම්බන්ධව ඉහත සරත්චන්ද්‍ර ගුණරත්න ජයතිලක යන අය අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මෙම චූදිතයන් දෙදෙනා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart