
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විම්බල්ඩන් කාන්තා කේවල ශූරතාව දිනාගත් පළමු ශ්‍රේණිගත නොකළ ක්‍රීඩිකාව බවට චෙක් ජාතික මාර්කටා වොන්ඩ්‍රොසෝවා ඉතිහාසයට එක් විය.
ඒ අද පැවති අවසන් තරගයේ දී ලෝක ශ්‍රේණිගත කිරීම් හි 6 වැනි ස්ථානයේ සිටින ටියුනිසියාවේ ඔන්ස් ජබියුර් පරාජය කරමින්.
24 හැවිරිදි වොන්ඩ්‍රොසෝවා, 2022 දී ද අනුශූරතාවයෙන් සෑහීමකට පත් වීමට සිදු වූ ජබියුර්ට මෙවරත් එම ඉරණමම අත් කර දෙමින් 6-4 ක් 6-4 ලෙස තරගය ජය ගැනීමට සමත් විය.
28 හැවිරිදි ජබියුර් මේ වන විට ඇය ක්‍රීඩා කළ ප්‍රධාන අවසන් තරග තුනම පරාජය වී තිබීම විශේෂත්වයක්.
අවසන් තරගය ද ඇතුලුව විම්බල්ඩන් කාන්තා කේවල කිරුළ දිනා ගැනීමට ශ්‍රේණිගත ක්‍රීඩකාවන් පස් දෙනෙකු පරාජය කළ වොන්ඩ්‍රෝසෝවාට මැණික් කටුව ආශ්‍රිතව සිදු කළ සැත්කමක් හේතුවෙන් මාස 6ක් පමණ ටෙනිස් පිටියෙන් ඉවත්ව සිටීමටයි සිදු ව තිබුණේ.
එමෙන්ම ඇය ඉතිහාසයට එක් වන්නේ විම්බල්ඩන් කාන්තා කිරුළ දිනූ තෙවැනි චෙක් කාන්තාව ලෙසයි.
Marketa's magical moment ?
Marketa Vondrousova becomes the third Czech woman to win the ladies' singles title, defeating Ons Jabeur 6-4, 6-4#Wimbledon pic.twitter.com/AAHThI1ZYn
— Wimbledon (@Wimbledon) July 15, 2023
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart