
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රාමනාදපුරම් පොලිස් කොට්ඨාශයේ සුඩලකුලම් ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් ජාවාරමක් වැටළීමකදී කිලිනොච්චි පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පිරිසකට බාධා කරමින්, නිලධාරීන් දෙදෙනකුට තුවාල සිදුකර සැකකරුවකු නිදහස් කළ බවට චෝදනා එල්ල වී ඇති පිරිමි පුද්ගලයන් පස්දෙනකු සහ කාන්තාවන් පස්දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
යකඩ පොලු සහ ලී පොලුවලින් සන්නද්ධ පුද්ගලයන් පිරිසක් නිලධාරීන්ට පහර දී සැකකරු නිදහස් කර පළාගොස් ඇති බව පොලිසිය පවසයි.
ප්‍රහාරයෙන් තුවාල ලැබූ STF නිලධාරීන් දෙදෙනකු දැනට කිලිනොච්චි මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.
සිද්ධියෙන් පසු, රාමනාදපුරම් පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් පහරදීම සම්බන්ධයෙන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් වයස අවුරුදු 16 ත් 32ත් අතර වන අතර, සැකකාරියන් රාමනාදපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර වයස අවුරුදු 26 ත් 45 ත් අතර අය වේ.
ඔවුන් අද (03) කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart