
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ 21 හැවිරිදි තරුණියකගේ මරණයට හේතු වූ ඖෂධයේම වෙනත් කාණ්ඩයක ඖෂධයක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලින්ද අද(15) තවත් රුණු අසාත්මික ප්‍රතික්‍රියා දෙකක් වාර්තා වී ඇත.
මේ හේතුවෙන් සෙෆ්ට්‍රියැක්සෝන්(Ceftriaxone) නම් අදාළ ඖෂධයේ මහනුවර රෝහලේ භාවිත කළ කාණ්ඩයද අත්හිටුවීමට පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක පවසයි.
“සෙෆ්ට්‍රියැක්සෝන් කාණ්ඩ 10 ක් තිබෙනවා. 21 හැවිරිදි තරුණියගේ මරණය සම්බන්ධ සිදුවීම වෙනත් කාණ්ඩයක ඖෂධයක් නිසා සිදුවී තිබෙනවා. මහනුවර රෝහලේ දැඩි අසාත්මිකතා ඇති වූ අවස්ථා දෙක වෙනස් කාණ්ඩයක ඖෂධ නිසා සිදුවී තිබෙනවා. ඖෂධය එකම වර්ගයයි” යැයි අතිරේක ලේකම්වරයා පවසා ඇත.
උදරාබාධයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා බදාදා (12) පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ චමෝදි සංදීපනී ජයරත්න (21) කැනියුලාවකින් සෙෆ්ට්‍රියැක්සෝන් එන්නත් කිරීමෙන් පසු කම්පන තත්වයකට පත් මිය ගියාය.
(Daily Mirror)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart