
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පළාත් පාලන ආයතන මුහුණදෙන ප්‍රතිපාදන ගැටලුවට පිළියමක් ලෙස ආදායම් උත්පාදන මාර්ග අලුතින් නිර්මාණය කරගැනීමට හෝ පවතින ආදායම් උත්පාදන මාර්ග වැඩිදියුණු කරගැනීම සඳහා ලබන වසරේ සිට පළාත් පාලන ආයතනවලට මධ්‍යම රජයෙන් පිරිනමන ප්‍රතිපාදන ඉහළ නැංවීමේ සැලසුමක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.
ඒ බව අනාවරණය වූයේ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය චන්දන අබයරත්න සහ පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත්ගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවති මධ්‍යම පළාත් සභා සහ පළාත් පාලන ප්‍රගති සමාලෝචන සමුළුවේදීය.
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ එකඟතා අනුව එකී අමාත්‍යවරුන්ගේ සංකල්පයක් මත පළාත් මට්ටමින්ද පළාත් සභා සහ පළාත් පාලන කටයුතු සමාලෝචනය කිරීම සිදුවිය යුතුය යන අරමුණින් ඇරඹුණු පළාත් ප්‍රගති සමාලෝචන සමුළු මාලාවේ මධ්‍යම පළාත් සමුළුවේදී අමාත්‍යවරුන් විසින් එම අදහස් පළකර තිබේ.
රජය බලාපොරොත්තු වන සංවර්ධනයත් පොදු ජනතාවගේ සුභසිද්ධියත් වේගවත් කිරීම උදෙසා පැවැත්වෙන මේ සමුළු මාලාවේ දකුණ, ඌව, උතුරුමැද, උතුර හා නැඟෙනහිර යන පළාත් සමුළු මීට පෙර පැවති අතර, ඉතා කඩිනමින් බස්නාහිර, වයඹ සහ සබරගමුව යන පළාත් තුළද මෙම ප්‍රගති සමාලෝචන සමුළු පැවැත්වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart