
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොලීසියේ සහ ත්‍රිවිධ හමුදාවල ඉහළ නිලධාරීන්ගේ වත්කම් පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදුකිරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව තීරණය කර තිබේ.
මූලික අදියරේදී මේ ආයතනවල ඉහළ නිලධාරීන්ගේ වත්කම් ලිපිගොනු අධීක්ෂණය කිරීමටත්, ඉන්පසු පහළ නිලධාරීන් දක්වා එය ව්‍යාප්ත කිරීමටත් සැලසුම් කර ඇත.
ඉදිරියේදී බන්ධනාගාර දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, ආගමන-විගමන දෙපාර්තමේන්තුව යන ආයතනවල නිලධාරීන්ගේද මෙසේ වත්කම් ලිපිගොනු පරීක්ෂා කිරීමට කොමිෂන් සභාව සැලසුම් කර තිබේ.
මේ සඳහා දැනට කොමිෂන් සභාවේ සේවය කරන නිලධාරීන් ප්‍රමාණවත් නොවන නිසා ඒ සඳහා කොන්ත්‍රාත් පදනම මත කාර්යමණ්ඩලය බඳවාගැනීමේ හැකියාව සම්බන්ධයෙන්ද අවධානය යොමුකර ඇති අතර, ඒ පිළිබඳ කොමිසම අභ්‍යන්තරයේ සාකච්ඡා කිහිපයක්ද මේ වන විට පවත්වා ඇත.
මේ ආයතනවල කටයුතු කරන නිලධාරීන්ගෙන් කොටසක් සහ සංවිධානාත්මක අපරාධකරුවන් අතර සමීප සම්බන්ධතා පැවැති බවට අනාවරණය වී ඇති තොරතුරු මත මේ පියවර ගෙන ඇත.
යුද හමුදාවේ ඉහළ නිලධාරීන්ගෙන් ඇතැමුන් සහ පොලීසියේ ඉහළ නිලධාරීන් පිරිසක් මේ කණ්ඩායම් සමග සම්බන්ධතා පවත්වා ඇති අතර, ඔවුන් පිළිබඳ දැනටමත් අභ්‍යන්තර විමර්ශන ආරම්භ කර තිබේ.(සිළුමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart