
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තමන්ට ආරක්ෂාව සැපයීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂ මන්ත්‍රීවරුන් කතානායක ජගත් වික්රමරත්නගෙන් ඉල්ලා තිබේ.
ඒ, කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් සහ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේ අද පැවැති සාකච්ඡාවකදීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයන් පිරිසක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ද ඒ සඳහා සහභාගී වී තිබේ.
එහිදී ආරක්ෂාව සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් කළ ඉල්ලීමට ඊට ප්‍රතිචාර දක්වමින් කථානායකවරයා පවසා ඇත්තේ, ආරක්ෂාව සඳහා මේ දක්වා මන්ත්‍රීවරුන් විසින් කරන ලද සියලුම ඉල්ලීම් පොලිස්පතිවරයා වෙත යොමුකර ඇති බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇතත්, ඉන් ඔබ්බට ගොස්, අද දක්වා ලැබී ඇති ඉල්ලීම් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට තම රාජකාරි ඉටුකරන ලෙස දැනුම් දී ඇති බවත්, ඒ අනුව අදාළ මන්ත්‍රීවරුන්ට දැනටමත් ආරක්ෂාව සපයා ඇති බවත් කතානායකවරයා එහිදී පවසා තිබේ.
එහිදී අදහස් දක්වමින් පොලිස්පතිවරයා ප්‍රකාශ කළේ, මෙම ඉල්ලීම් පිළිබඳව ජනාධිපතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයා දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.
රැස්වීම සඳහා සහභාගී වූ විපක්ෂ මන්ත්‍රීවරුන් එහිදී අදහස් දක්වමින් පවසා ඇත්තේ, ඔවුන්ගේ දේශපාලන කටයුතුවලට කිසිදු බාධාවක් ඇති නොවන පරිදි, ආරක්ෂිත පරිසරයක් පවත්වා ගැනීම සඳහා සියලු විපක්ෂ මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව සැපයීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, පසුව තර්ජන පිළිබඳ විශ්ලේෂණයක් ලබාගැනීමට සහ ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.
රැස්වීම පිළිබඳව අදහස් දක්වමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පැවසුවේ, මහජනතාවගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂක අවශ්‍යතා පිළිබඳව එම සාකච්ඡාවේදී ඉදිරිපත් වූ කරුණු සම්බන්ධයෙන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ කථානායක ජගත් වික්‍රමරත්න ධනාත්මක ප්‍රතිචාර දැක්වූ බවයි.
රටේ පවතින වත්මන් තත්ත්වය හේතුවෙන් මහජන නියෝජිතයින්ගේ ආරක්ෂාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විපක්ෂ මන්ත්‍රීවරුන් මීට පෙර කථානායකවරයාගෙන් රැස්වීමක් ඉල්ලා සිටීමෙන් පසුව මෙම රැස්වීම සංවිධානය කළ බව ද ඔහු පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart