
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දොඹගහවෙල මහඅරාව ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි 30 හැවිරිදි පුද්ගලයකුගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ අනියම් බිරිඳ, ඇයගේ සහෝදරියන් දෙදෙනකු සහ එක් සහෝදරයකු දොඹගහවෙල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ සියඹලාණ්ඩුව කන්දඋඩපංගුව රුප්පේබැද්ද පදිංචි ටී.එම්. නිහාල් රණවීර (36) නැමති අයෙකි.
ඔහු වස පානය කර ඇති බව පවසා සියඹලාණ්ඩුව මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබිණි.
ඔහුගේ සිරුරේ හිසේ ගෙලේ මුහුණේ සහ පිටේ තැලීම් සහ තුවාල තිබී ඇති බව වෛද්‍ය අධිකාරිවරයා විසින් දැනුම් දීමෙන් අනතුරුව සියඹලාණ්ඩුව මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් මත මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේදී විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්.ඒ.සී. ලක්මාලී පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලදි.
එහිදී අනාවරණය වී ඇත්තේ ඔහුට පහර දී ආයාසයකින් විෂ ද්‍රව්‍යයක් පොවා ඇති බවයි.
අනතුරුව මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ප්‍රකාශයට පත්කර තිබේ.
මියගිය අය ඔහුගේ අනියම් බිරිය වන ඩී.එම්. සුරේකා මල්කාන්ති (32) යන අය සමග දොඹගහවෙල මහඅරාව හංදියේ ඇයගේ නැගණියගේ නිවසට මීට සති තුනකට ඉහතදී පැමිණ ඇත.
එසේ පැමිණ ඔහු පෙදරේරු රැකියාවට ගොස් තිබේ.
එසේ සිටියදී ඇය සමග බහින්බස්වී නිවසෙන් පිටව ගොස් බියර් සහ වස වර්ගයක් රැගෙන ආපසු පැමිණ වස පානය කළ බව පවසා අනියම් බිරිය ඔහු සුවසැරිය ගිලන් රථයක් මගින් රෝහල්ගත කර තිබිණි.
ඔහු මියයෑමෙන් පසු මෙම මරණය සැකසහිත බැවින් අධිකරණ නියෝගයක් මත පරීක්ෂණ පවත්වන ලෙස මෙලෙස පොලිසියට දැනුම්දී තිබිණි.
මෙම මරණයට සැකපිට මියගිය අයගේ අනියම් බිරිය වන දමන හිඟුරාන මළයාඩි පන්සල පාර පදිංචි ඩී.එම්. සුරේකා මල්කාන්ති (32), ඇයගේ සහෝදරියන් වන පදිංචි අම්බලන්තොට තලලන්ද පදිංචි එම්. නිලුකා මල්කාන්ති (29), දොඹගහවෙලා මහඅරාව පදිංචි ඩී.එම්. ඉනෝකා මල්කාන්ති (36) සහ සහෝදරයා වන දොඹගහවෙල මහඅරාව කළුගලේවත්ත පදිංචි ඩී.එම්. විජේකුමාර (25) යන අයවලුන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සියඹලාණ්ඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
දොඹගහවෙල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart