
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
 
                සැමියා රාජකාරි කටයුත්තකට යාමට නිවසින් පිටත්වූ පසු අලුයම හතරට පමණ බලහත්කාරයෙන් නිවසකට ඇතුළුව පිහියක් පෙන්වා බියගන්වා නිවසේ සිටි කාන්තාවකට හා ඇගේ බාල වයස්කාර දැරියන් දෙදෙනාට බරපතළ ලිංගික අපයෝජනයක් කිරීමේ චෝදනාවලට වරදකරු කරනු ලැබූ විත්තිකරුවකුට වසර 41ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කළ හෝමාගම මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ එම සිරදඬුවම් කාලය එකවර එනම් වසර 17කින් ගෙවී යන ලෙසින් ලබාදීමට ඊයේ (30දා) නියෝග කළේය.
පැමිණිල්ලේ සාක්ෂි විභාගයෙන් අනතුරුව ස්ව කැමැත්තෙන් එකී චෝදනාවලට වරද පිළිගත් එම විත්තිකරු ඔහුට එල්ලවී තිබූ චෝදනා හතරටම වරදකරු බවට තීන්දු කළ විනිසුරුවරයා පළමු චෝදනාවට එනම් බලහත්කාරයෙන් නිවසට ඇතුළුවීමේ චෝදනාවට බරපතළ වැඩ සහිත වසර පහක සිරදඬුවම් නියම කළේය.
දෙක, තුන හා හතර යන චෝදනා තුනට එනම් මව හා දියණියන් දෙදෙනාට බරපතළ ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවලට වෙන් වෙන්ව බරපතළ වැඩසහිත වසර 12 බැගින් එනම් වසර 36ක සිරදඬුවම් නියම කළ විනිසුරුවරයා එකී චෝදනා තුනට නියම කළ සිරදඬුවම් කාලය එකවර එනම් වසර 12 කින් ගෙවී යන ලෙස ලබාදීමට ද නියම කළේය.
එයට අමතරව එකී චෝදනා හතරට රුපියල් හැට දහසක දඩයක් ගෙවීමටත් වින්දිත කාන්තාවන්ට රුපියල් ලක්ෂ හයක වන්දියක් ගෙවීමටත් නියම කළේය.
එකී දඩ හා වන්දි නොගෙවන්නේ නම් වසර පහක සිරදඬුවම් ලබාදීමට ද නියම කළ විනිසුරුවරයා එකී ලිහිල් සිරදඬුවම් මුල් සිරදඬුවම් වූ වසර 17 ක කාලය ඉක්මවීමෙන් පසුව ලබාදීමට ද නියම කළේය.
ඒ අනුව එකී දඩ හා වන්දි ගෙවන්නේ නම් විත්තිකරුට හිමිවන සිරදඬුවම් කාලය බරපතළ වැඩසහිතව වසර 17 ක සිරදඬුවමක් වන අතර දඩ හා වන්දි නොගෙව්වොත් තවත් අමතර වසර පහක ලිහිල් සිරදඬුවම් ඔහුට හිමිවේ.
ගෙවල් බිඳීම්, මංකොල්ලකෑම්, ජංගම දුරකථන සොරකම් කිරීම හා හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීම ඇතුළු චෝදනා රැසකට අධිකරණය විසින් වරදකරු කරමින් පෙර සිරදඬුවම් හා දඩ නියමකර තිබූ පුද්ගලයකු වන එම විත්තිකරුට 2009 වසරේදී හෝමාගම මහෙස්ත්‍රාත් අදිකරණය විසින් බරපතළ වැඩසහිත වසරක සිරදඬුවම් නියම කළ අයකු බවද පෙර වැරදි වාර්තා අනුව අනාවරණය වූයෙන් වහාම එම සිරදඬුවම ක්‍රියාත්මක කිරීමට ද විනිසුරුවරයා නියම කළේය.
නිවසේ නිදන කාමරයේ නිදා සිටි 13 හැවිරිදි වින්දිත දැරියක අසලට ගොස් තිබූ විත්තිකරු එම දැරියගේ තොල් සපාකෑම නිසා ඇගේ තොල්වලට බරපතළ තුවාල සිදුවී ඇති බවත් සිය තීන්දුව නිකුත් කරමින් පෙන්වා දුන් විනිසුරුවරයා ලිංගික අපරාධ සිදුකරන විත්තිකරුවන්ට ලිහිල් දඬුවම් නියම කිරීමේ හැකියාව තම අධිකරණයට නොමැති බව පෙන්වාදුන්නේය.
මෙම නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී වින්දිත කාන්තාවන් වෙනුවෙන් පෙනීසිටින බව කියූ නීතිඥවරියක පැමිණිල්ලේ සාක්ෂිකාරියන් වන වින්දිත කාන්තාවන් පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි දීමට අකැමැති බවට දිවුරුම් ප්‍රකාශ අධිකරණය හමුවේ ගොනුකර තිබූ බවද සිය තීන්දුව නිකුත් කරමින් පෙන්වා දුන් විනිසුරුවරයා, කෙසේනමුත් පැමිණිල්ලේ සාක්ෂිකාරියන් වූ එම වින්දිත කාන්තාවන් කිසිදු පැකිළීමකින් තොරව ඔවුනට අත්විඳීමට සිදුවූ එම අපරාධය පිළිබඳ සාක්ෂි ලබාදී ඇතැයි ද පෙන්වාදුන්නේය.
විත්තිකරුට දඬුවම් ලබාදීමට පෙර යමක් පැවැසීමට ඇති දැයි වින්දිත කාන්තාවගෙන් හා දැරියන් දෙදෙනාගෙන් අධිකරණය විමසා සිටි අතර තමන්ට සිදුවූ අපරාධයට සාධාරණයක් ඉටුකිරීම පිළිබඳව ගරු අධිකරණයට ස්තුතිවන්ත වන බවත් කිසිදු වන්දියක් විත්තිකරුගෙන් අනවශ්‍ය බවත් මව පැවසුවාය.
තමන්ට ඒ පිළිබඳව කීමට කිසිවක් නොමැති බව සෙසු තරුණියෝ දෙදෙනා ද පැවැසූහ. රජයේ අධිනීතිඥ ශයිනි වීරසූරිය පැමිණිල්ල මෙහෙයවූවාය.
සිය සේවාදායකයා මේ වනවිට වසර 2 1/2ක කාලයක් බන්ධනාගාරගතව සිටින බැවින් ලිහිල් දඬුවම් නියම කරන ලෙස ඔහු වෙනුවෙන් පෙනීසිටීමට රජයෙන් පත්කළ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
 
															Adding {{itemName}} to cart
Added {{itemName}} to cart