
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආයතනයක මුදල් බැංකුගත කිරීමේ නිලධාරියා ලෙස සේවය කළ අයකු පිටස්තර පුද්ගලයන් අටදෙනකුගේ ද සහායෙන් සැලසුම් කළ රුපියල් කෝටි තුනක මුදල් වංචාවක් පිළිබඳව එම ආයතනය මෙතෙක් පොලිසියට පැමිණිලි නොකිරීම ගැටලුවක් බැවින් කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ඒ සම්බන්ධව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.
පසුගිය 22 දා සවස කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් පෑලියගොඩ නාරම්මිණිය මාර්ගයේ ක්ෂේත්‍ර රාජකාරියේ නිරතව සිටියදී ධාවනය වූ සැක කටයුතු ත්‍රිරෝද රථයක් පරීක්ෂා කර ඇත. එම අවස්ථාවේ රථයේ පසුපස අසුනේ සිටි මගියා සන්තකයේ තිබූ ගමන් මල්ලක් පරීක්ෂා කළ පොලිස් නිලධාරීන් එහි තිබී රුපියල් ලක්ෂ තිහක (3,000,000) මුදල් පාර්සලයක් සොයා ගෙන තිබේ.
පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහුගේ ප්‍රකාශය මත තවත් සැකකරුවකු කඩවත රම්මුතුගල ප්‍රදේශයේදී ද එක් සැකකාරියක කැලණිය බියගම පාරේ පට්ටිය ප්‍රදේශයේ ඇය පදිංචි නිවසේදී ද අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් තිදෙනාම සතුව තිබූ රුපියල් දෙකෝටි හැටහත් ලක්ෂ හතළිස් පන්දහසක මුදලක්ද පොලිසිය භාරයට ගෙන ඇත.
මෙම මුදල් මංකොල්ලයට ආධාර අනුබල දුන් සැකකරුවන් හත්දෙනකු සහ එක් සැකකාරියක ඇතුළු අටදෙනා පසුගිය 23 දා කොළඹ අලුත්කඩේ අංක පහ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නොවැම්බර් 6 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
මෙම මංකොල්ලය සඳහා ප්‍රවාහන පහසුකම් සපයා ගත් ත්‍රිරෝද රථය සමග යතුරුපැදියද සහ මුදල් ද පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
මෙම සැකකරුවෝ කැලණිය, පෑලියගොඩ, වැල්ලම්පිටිය, කඩවත, මාවනැල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. ඔවුන් කණ්ඩායමක් ලෙස සංවිධානය වී ආයතනයේ මුදල් බැංකුගත කරන්නාගෙන් ලද උපදෙස් අනුව මෙම මුදල් මංකොල්ලකෑම සිදුකර ඇති බව පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart