October 28, 2025

අධිවේගී මාර්ගවල සිදුවන රථවාහන අනතුරු දිනෙන් දින ඉහළ යෑම හේතුවෙන් මරණ සහ බරපතල තුවාල සිදුවීම් අවම කිරීම පිණිස අංක 2455/29 හා 2025‑09‑25 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මඟින් (203 අධිකාරය වූ) මෝටර් වාහන පනතේ විධිවිධාන යටතේ සාදන ලද 2011 අංක 2 දරන මෝටර් වාහන (අධිවේගී මහා මාර්ග) නියෝග සංශෝධනය කරනු ලැබ ඇත.

එමඟින්, අධිවේගී මාර්ගවල ධාවනය කරනු ලබන වාහනවල සියලුම ආසනවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන පටි පැළඳීම අනිවාර්ය කර තිබේ.

ඒ අනුව, එකී සංශෝධිත නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස වැඩබලන ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇත.