October 28, 2025

මෑතකදී අත්අඩංගුවට ගත් පාතාල නායකයකු වන ‘කෙහෙල්බද්දර පද්මේ’ සමඟ සම්බන්ධ බවට සමාජ මාධ්‍යවල පළවන ප්‍රකාශ, නිළි ගයත්‍රි ඩයස් විසින් ප්‍රතික්ෂේප කර ඇත.

සිය ෆේස්බුක් ගිණුම හරහා බෙදාගත් ප්‍රකාශයක, ගයත්‍රි ඩයස් පවසා ඇත්තේ, මෙම චෝදනා අසත්‍ය සහ වේදනාකාරී බවත්, තමා කිසිදු අපරාධකරුවෙකු සමඟ සම්බන්ධයක් නොමැති බවත්ය.

ඇය සිය ෆේස්බුක් ගිණුමේ මෙසේද සඳහන් කර ඇත.

‘පෙර ආත්මය ගැන මතකයක් නැතත්,එ හැම ආත්මයක්ම මේ ගෙවන ආත්මයට වඩා දුක්බර ඇති. වේදනාකාරී ඇති.
පෙර පවි අනුව මෙි ගෙවන කාලයත් ගෙවන්නේ ඉතාම අසීරු ලෙස වුවත් ජීවිතය හැරදායාමට නොහැකිය.
දෛවය මොන ආකාරයට සලකනවාද යන්න නොතේරෙයි.
නිදි නැති රැයවල් තව කීයක් ගත කරන්න නියමිත ද යන්න නොදනී.
මා නිවැරදි හෝ වැරදිකරුවෙකුද යන්න මාද සොයමි.
කෙසේ හෝ සමාජය සරියා නීතිය පාවිච්චි කරමින් ගල් ගසමින් මා මරා දමමින් සිටි.
කුඩා කල සිට මා විධි වේදනාවන්,තනිකම,තවමත් නිම වී නොමැත.
මෙි ජිවිතයේ ආරම්භයත් අවසානයත් අතර ගලා යන රුධිරයේ රශ්නයට මට නින්ද නොයයි.
මා වැරදිකරුවෙකු නම් ඒ මා කලාකාරිනියක වීමයි.’